මියන්මාර නායිකා අවුන් සාන් සුකීට මහත්මියට ලබාදුන් ‘ගුවාන්ජු මානව හිමිකම් සම්මානය’ ඉල්ලා අස්කර ගැනීමට දකුණු කොරියාව තීරණය කර තිබේ.

රොහින්ග්‍යා සරණාගතයන්ට සිදුවන තාඩන පීඩන සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම නිසා මෙම තීරණය ගෙන ඇත.

ඇය දකුණු කොරියාවේ විශාලතම මානව හිමිකම් කණ්ඩායමේ සාමාජිකාවක් වන අතර  නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා සිටින්නීය.

මීට පෙර අවස්ථාවකදී මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් මහතා ද සුකීගේ ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැඩි ලෙස හෙළා දුටුවේය.

ඇමෙරිකානු උප ජනාධිපතිවරයා විසින් පසුගිය නොවැම්බර් මාසයේ පැවති රැස්වීමක දී ඇයව විවේචනය කර තිබිණි.

සැප්තැම්බර් 27 වැනි දා කැනේඩියානු පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් පසුව ඇයට කැනඩාවේ තිබු පුරවැසිභාවය ද ඉවත් කිරිමට තීරණය කළේය.
 
චැනල් නිවුස් ඒෂියා
(28535)