මාස 9ක් පුරා ක්‍රියාත්මක වූ සීකා හදිසි තත්ත්වය ඉවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සේවා කියයි.

ගැබිණියන්ට වැළඳී ඔවුනට උපදින දරුවන්ගේ විවිධ විකෘතිතා ඇතිකරවන සීකා වෛරසය මදුරුවන්ගෙන් බෝවන බව සොයාගෙන තිබිණි. බ්‍රසීලය, ලතින් ඇමරිකා කලාපය ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක මේ හේතුවෙන් දැඩි බියක් හටගෙන තිබුණු අතර ඒ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය මාස 9ක කාලය හදිසි සෞඛ්‍ය අවදානමක් ලෙස නම් කැර තිබිණි.

ලතින් ඇමරිකා කලාපයෙන් සීකා වෛරසය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ දිගු කාලීන වැඩසටහනක් අරඹන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.