සිකා වෛරසය වැළඳුණු අසූ දෙදෙනෙක් සිංගප්පූරුවෙන් වාර්තා වෙතියි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, තායිවාන් සහ දකුණු කොරියාව යන රටවලින් සිංගප්පූරුවේ සංචාරය කරන්නන්ට අනතුර අඟවා ඇති අතර ගැබිණියන්ට එහි ඇතුළුවීම තහනම් කර ඇතැයි කියති.

පසුගිය සති දෙකක කාලයේදී එරට තුළ ශීඝ්‍රයෙන් සිකා වෛරසය පැතිර ගොස් ඇතැයි වාර්තාවේ.