මදුරුවන්ගෙන් බෝවන සිකා වෛරසය හේතුවෙන් බ්‍රසීලයේ අලුත උපදින දරුවන් 4000කගේ පමණ මොළයට හානි සිදුව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මෙම වෛරසය ඩෙංගු රෝගය හා චිකුන්ගුන්යා රෝගයට බෙහෙවින් සමාන බව වෛද්‍යවරු කියති. මහද්වීප පහකදී මෙම වෛරසය හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. ඇමරිකා මහද්වීපයේ කැනඩාව හා චිලී හැර අනෙක් සියලු රටවලට වෛරසය පැතිර ඇතැයිද බ්‍රසීලයේ දරුණු ලෙස මෙය ව්‍යාප්තව ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ඊඩිස් ඊඩිප්ටයි ලෙස හඳුනාගෙන ඇති මදුරු විශේෂයක් හරහා වෛරසය බෝවීම සිදුවන බවත් උණ, හිසරදය, ඇස් රතුවීම, සන්ධිපත් වේදනාව හා සමේ රතු පැහැ ලප හටගැනීම මෙහි රෝග ලක්ෂණ බවද කියති.
1940 අප්‍රිකාවේ උගන්ඩාවෙන් සිකා වෛරසය හඳුනාගෙන ඇති අතර 2013 වසරේදී බ්‍රසීලයේ ප්‍රබල ලෙස වෛරසය පැතිර ගිය බවද වාර්තාවේ. වෛරසය හේතුවෙන් හිස කුඩාවූ දරුවන් ඉපදීම සිදුවන බවත් වෛද්‍යවරු කියති. මදුරු නාශක දියර බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර වීදි පුරා ඉසින ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
2025 නොවැම්බර් මස 04
538
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1691
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘සිකා‘ බ්‍රසීලයට බැට දෙයි : ඇමරිකාවත් අනතුරේ