ආසියාවේ සීකා වයිරසය ශීග්‍රයෙන් පැතිරයාමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ඊට අමතරව පැසිෆික් කලාපයේ රටවලටද මෙම අවදානම පවතින බව එම සංවිධානය කියයි.

නවතම පරීක්ෂණ අනුව සීකා වයිරසය පතුරවන ‘ඊඩිස්‘ මදුරුවන් මෙම කලාපයේ බහුල බව හෙළි වීම එයට හේතුවයි.සිංගප්පුරුව ඇතුළු රටවල් කිහිපයකම සීකා වයිරසය ආශ්‍රිත රෝගීන් පිළිබද වාර්තා සියයක් පමණ ලැබී ඇති අතර තායිලන්තයේ සීකා රෝගීන් පිළිබද වාර්තා තහවුරු වී ඇත.

මේ වන විට ලොව රටවල් 70ක පමණ සීකා වයිරසය පැතිරී තිබෙන අතර ආසියා පැසිෆික් කලාපයේ රටවල් 19ක්ද ඊට ඇතුළත් වේ.

සීකා වයිරසය වළක්වාගැනීමට හෝ සුව කිරීමට ක්‍රමයක් සොයාගැනීමට විශේෂඥවරු විවිධ උත්සහ ගනිති.

_91757773_gettyimages-598976754

      (සිංගප්පූරුවේ සීකා වයිරසය බෝ කරන මදුරුවන් මර්දනය කිරිමට පියවර ගනියි)   (ඡායාරූප-ගෙටී ඉමේජස්)