තම සැමියා රවටන බිරින්දෑවරුන්ගේ සංඛ්‍යාව පසුගිය දශක දෙකක දී සියයට 40 කින් ඉහළගොස් ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී ඇත. මේ කාලයේ දී බිරිඳ රවටන සැමියන්ගේ සංඛ්‍යාව ඉහළගොස් ඇත්තේ සියයට 21කිනි.
මේ සමීක්ෂණය සිදුකැර ඇත්තේ ඇමරිකාවේ ජාතික උපදේශන පර්යේෂණ මධ්‍යස්ථානයේ සමාජ විද්‍යා සමීක්ෂණ ඒකකය විසිනි. චිකාගෝ නීතිවේදීන්ගේ විද්වත් පර්ශදය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ බිරියගේ විශ්වාස කඩකිරීම් හේතුවෙන් දික්කසාද වීමේ ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි.
එම පර්යේෂණයෙන් පෙන්වාදෙන්නේ වසර 20ක කාලයේදී කාන්තාවන්ගේ වැටුප් ප්‍රමාණය ඉහළ යාම ද මේ රැවටීම්වලට හා දික්කසාදයට හේතුවක් වී ඇති බවයි. අන්තර්ජාලය හා සමාජ මාධ්‍යය ද කාන්තාවන්ගේ අනියම් සම්බන්ධතාවලට හේතුවක් වී ඇති බව සොයාගෙන තිබේ.
පර්යේෂකයන් අවධාරණය කරන තවත් කරුණක් වන්නේ තම විවාහ ජීවිතය සතුටුදායක නොවේනම් එයින් ඉවත් වී වෙනත් සහකරුවකු සොයා ගැනීමට කාන්තාවන් ඉක්මණින් පෙළඹෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණිය චපලයිලු. නමුත් එම ගැහැණිය වරදේ බැදුනෙත් පිරිමියෙක් සමග නේද? එහෙම නම් දෙන්නගෙන් චපල කවුද? ඔන්න මෙතනදීත් මගේ ඔලුව විකන්නේ නැතුව උත්තර දෙන්නකෝ. (නදී)
සුවාමියා ගෙදරින් පිට වෙන්න කලින් මේ වගේ චපල ගැහැනුන්ට අන්දවන්න අපුරු ඇඳුමක් නිර්මාණය කරලා තිබුන පුරාන ග්‍රීසියේ නම්. මනුස්සය ගෙදරට එනකම් නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් , කරුමෙට අද කාලේ මේ මානව හිමිකම් කෙලියක් තියෙනවනේ නැත්නම් ඉතින් දනී කොරන දේ (නදී)
මෙතන පොඩි ගණිතමය ගැටළුවක් තියනවා. එතකොට ඔය ගෑනු වරදේ බැඳෙන්නේ පිරිමි එක්ක නෙමෙයිද නැතිනම් පිරිමි කීප දෙනෙක් එක්ක මේ ගෑනු ඔක්කොම යාලු වෙනවද නැත්නම් පිරිමි සෙට් කරගන්න ඒවා මේ සමීක්ෂණයට අහුවෙලා නැද්ද නිකම් කල්පනා කරන කොට හිතුන දෙයක මිසක් පරික්ෂණය වැරදියි කියනවා නෙමේ (නදී)
දුර නොදකින ලග පමණක් දකින. චපල ගැහැනුන් කියන්නෙත් මෙයාලටම නේද? (නදී)
මේ වැඩ වලින් වැලකීම සදහා තමයි කාන්තාවන්ට උසස් අධ්‍යාපනයක් අවශ්‍ය. අන්තරේ සමග ගොස් කඩා කප්පල් කරගන්නේ නැතුව. (නදී)
පිරිමින්ගේ ගණන තවත් ඉහල යන්න දෙයක් නෑ කොහොමටත් ඉස්සර ඉඳලම ඉහලයි. (නදී)
ලද අවසර, කල්, රහස් තැන. ගැහැණු කවුරුද වරදේ නොබැදෙන. (නදී)