වසර 39ක් පුරා සී ෂෙල්ස් දූපත්හි බලයේ සිටි රජය පෙරළා එරට ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මහ මැතිවරණයේ ජය හිමිකරගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඒ අනුව ජනපති ජේම්ස් මිචෙල්ගේ පක්ෂය මෙවර පරාජයට පත්වූ අතර එම පක්ෂය 1977 සී ෂෙල්ස්හි බලය හිමිකරගෙන සිටියේය.
ජනපති මිචෙල්ගේ පක්ෂය ආසන 10ක් පමණක් හිමිකර ගනිද්දී ආසන 15ක් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට හිමිවිය.
නව සන්ධානය සමග ඉදිරි වැඩකටයුතු කරගෙන යන බව ජනපති මිචෙල් පැවසීය.
දූපත් 115කින් සැදුම්ලත් සී ෂෙල්ස් දූපත් නැගෙනහිර අප්‍රිකාව ආසන්නයේ ඉන්දියන් සාගරයේ පිහිටි රාජ්‍යයකි.
2025 නොවැම්බර් මස 04
619
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2309
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1717
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සී ෂෙල්ස් මැතිවරණයෙන් විරුද්ධ පක්ෂයට ජය
පිටිගල මිලානෝ Monday, 12 September 2016 07:41 PM
දැන් නම් ඉතින් රෝදය කරකැවෙන්නේ අහවල් අයගේ අවාසියටම තමා. (නි)
නිල්මිණි-ජපානය Tuesday, 13 September 2016 12:49 AM
මෙහේ අය එහෙ හංගපු සල්ලි අහුවෙන්නයි යන්නේ. මෙන්න සී ෂෙල්ස් ජනතාවත් පළිගන්නවා. (නි)
සමිත Tuesday, 13 September 2016 01:34 AM
දැන් ඉතින් සමහරුන්ගේ හොර සල්ලි ඉවත්කර ගන්න කාලය හරි! (නි)
අංගොඩ ලාල් Tuesday, 13 September 2016 02:11 PM
මේ බල පෙරළියත් එක්ක සී ෂෙල්ස් වල හංගලා තියෙන අපේ අයගේ කළු සල්ලි පිලිබඳ අනාවරණය කර ගැනීමේ ඉඩ ඇතිවෙන්න පුළුවන් . 85,000 ක් විතර ජනගහනය ඉන්න මේ රටේ ලිය පදිංචි සමාගම් ගණන ලක්ෂ 2 ක් විතර වෙනවා කියන්නේ කලුසල්ලි රටේ විශාල ප්‍රමාණයක් තියෙනවා කියන එකට හොඳම සාක්ෂිය නේද ?(අ)
මනෝජ් Tuesday, 13 September 2016 03:24 AM
මේ රට කළු සල්ලි සුදු කරන තැනක් කියලා ආරංචියි. (නි)
ප්‍රියන්ත Wednesday, 14 September 2016 07:14 PM
අපේ කට්ටියත් බොරු කියලා බලයට ආවේ ඔය කියන අතිවිශාල ධනස්කන්ධය හොයාගෙන රට සුඛිත මුදිත කරන්න කියලා. කෝ එක ශත 5ක් හොයාගන්න බැරි වුණානේ. දැන් ඉතින් වැඩි කරපු පඩි ටික දීගන්න බැරිව වැට් ගහන්න දඟලනවා. (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 13 September 2016 05:07 PM
සී ෂෙල්ස් නව පාලකයන් සමග සාකච්චා කර, ශ්‍රී ලංකාවෙන් යටි මඩි ගසාගෙන, පිල්ලි ගහගෙන එරටේ බැංකු සහ මුල්‍ය ආයතනවල තැන්පත් කර තිබෙනවා යයි කියන අපේ අති විශාල ධනස්කන්ධය ආපසු මෙරටට ගෙන්වා ගැනීමට යහපාලන රජය උනන්දු විය යුතුය.\nඒවගේම ඒ මුදල් තැන්පත් කරපු අයගේ නම් වට්ටෝරුවත් ලබාගෙන ඒ දේශද්‍රෝහී පුද්ගලයන්ට එරෙහිව නීතිමය කටයුතු කර ඒ මුදලින් රටේ සංවර්ධන කටයුතු කරන්න රජය ඉක්මන් විය යුතුය !!!!\(රේ)
ඉසුරු Thursday, 15 September 2016 06:01 PM
අනේ ඉතින් අපිට ඇති ප්‍රයෝජනය කුමක්ද?
ජෙරම් Monday, 12 September 2016 04:21 PM
ලොකු ජයග්‍රහණයක්නේ.(හේ)
ශාමලී Monday, 12 September 2016 04:42 PM
ඒ රටේ මිනිස්සුන්ගේ ජයග්‍රහණයක් මේ.(හේ)
චන්න Monday, 12 September 2016 05:15 PM
කාලයක් මේ රටයි අපේ රටයි ලොකු සම්බන්ධතාවයක් තිබුණා නේද?.(හේ)