බලයෙන් නෙරපා දැමුණු මියන්මාර නායිකා අවුන් සාන් සුකී ට එරෙහිව එරට හමුදා පාලනය විසින් අල්ලස් හා දූෂණ චෝදනා ගොනු කරනු ලැබ තිබේ.
මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා සූ කී ට එරෙහිව මේ දක්වා එල්ල වී ඇති බරපතලතම චෝදනාව මෙය වන අතර ඊට වරදකරු වුවහොත් ඇයට වසර 15ක උපරිම සිරදඬුවමට ලක්වීමට සිදුවනු ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සුකී විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් හා රත්‍රං අල්ලස් ලෙස ලබා ගෙන ඇතැයි මියන්මාර හමුදා මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මියන්මාර හමුදාව අවුන් සාන් සූ කී ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා, කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගත්තේ පසුගිය පෙබරවාරි 1 වැනිදාය.
සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ සෙසු ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසකට ද හමුදා පාලනය විසින් අල්ලස් හා දූෂණ චෝදනා එල්ල කරනු ලැබ ඇත.
මියන්මාර හමුදාව රටේ බලය අත්පත් කර ගැනීමෙන් පසු අවුන් සාන් සූ කී ඇතුළු ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ජ්‍යෙෂ්ඨයන් අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට යොමු කර තිබේ.
යැංගොන් නුවරදීය (රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සූ කීට බරපතල චෝදනාවක්