මියන්මාරයේබලයෙන් පහ කෙරුණු නායිකා අවුන් සාන් සූකී අධිකරණය හමුවේ සිටියා ය.
මියන්මාරයේ හමුදා ජුන්ටාව ප්‍රජාතන්ත්‍ර හිතවාදී විරෝධතාකරුවන් අතර ගැටුම් දිනෙන් දින උත්සන්න වෙමින් තිබෙන මොහොතක ඇය මෙලෙස අධිකරණයට කැඳවන ලදි.
හමුදා සහ විරෝධතාකරුවන් අතර ගැටුම් උත්සන්න වන බවත් රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයකු ද මේ වනවිට අනතුරු අඟවා ඇත.
මියන්මාරයේ හමුදා පාලනය පෙබරවාරි මස 1 වැනිදා මියන්මාරයේ බලය අත්පත් කරගත් අතර නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකී ඇතුළු දේශපාලන නායකයන් රැසක් අත්අඩංගුවට ගත්තේ ය.
එතැන් පටන් මියන්මාර ජනතාව විරෝධතාවල යෙදෙන්නට ගත් අතර විරෝධතාකරුවන් සහ හමුදා අතර දිගින් දිගටම ගැටුම් ඇති විය. මෙම ගැටුම් අතරවාරයේ දී සහ ආරක්ෂක අංශ කළ වෙඩි තැබීම්වලින් මේ වනවිට 535 දෙනකුට වැඩි පිරිසක් මරණයට පත්ව ඇත.
මියන්මාරයේ තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි සහ රහස් රැස්වීමක් පසුගිය බදාදා පැවැත්විණි.
මියන්මාරය සම්බන්ධයෙන් පත් කර සිටින එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජිත ක්‍රිස්ටීන් ශ්‍රානර් බර්ග්නර් ද ඊට එක්වූවා ය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සූ කී යළි අධිකරණය හමුවට