සී.අයි.ඒ අධ්‍යක්ෂ මයික් පොම්පේයෝ උතුරු කොරියාවේ සංචාරය කරමින් එරට නායක කිම් ජොන්ග් උන් හමු වී සාකච්ඡා කළ බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා (18) අනාවරණය කළේය.
 
මයික් පොම්පේයෝ උතුරු කොරියාවට ගොස් ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයෙක් ලෙසිනි. මයික් පොම්පේයෝ උතුරු කොරියාවේ සංචාරය කර ඇත්තේ පසුගිය සතියේ වන අතර ඒ අනුව ඔහු උතුරු කොරියාවේ සංචාරයේ ඉහළම ඇමෙරිකා එක්සත් රාජ්‍ය නිලධාරිය යැයි ද විදෙස් වාර්තා සඳහන් කළේය.
 
මෙම සංචාරයේදී මයික් පොම්පේයෝ උතුරු කොරියානු නායකයා සහ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිත හමුව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
 
“පසුගිය සතියේදී මයික් පොම්පේයෝ උතුරු කොරියාවේ සංචාරය කරමින් එරට නායක කිම් ජොන් උන් හමුවුණා. එම හමුව හොඳින් අවසන් වුණා පමණක් නොව හොඳ සබඳතාවක් ද ඇති කරගත්තා. හමුවේ තොරතුරු දැන් සැකසෙමින් තිබෙනවා. න්‍යෂ්ටික අවිහරණය ලෝකයට ඉතා සුවිශේෂී සහ වැදගත් දෙයක්. ලෝකයට පමණක් නොව එය උතුරු කොරියාවටත් ඉතා වැදගත්” යැයි ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කීය. 
 
 
055