නේපාලයේ ෂර්පා ජාතිකයෙකු එවරස්ට් කන්ද 24 වතාවක් තරණය කර ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. කමි රිටා ෂර්පා නමැති මෙම තැනැත්තා 49 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම වාර්තාව තැබීම සඳහා ඔහු එක් සතියකදී දෙවතාවක් එවරස්ට් තරණය කර ඇති අතර විශ්‍රාම යෑමට පෙර තවත් එක් වතාවක් කඳු මුදුනට ළඟාවීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර ඇත.
අඩි 29,035ක් උස එවරස්ට් මුදුණට ප්‍රවේශ වීම සඳහා කමි රිටා භාවිත කරන්නේ සාම්ප්‍රදායික ගිණිකොනදිග කඳුකර මාර්ගයයි.
මෙය වඩාත් ජනප්‍රිය මාර්ගය වන අතර එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සින් නොර්ගේ යන අය ද භාවිතා කර ඇත්තේ මෙම මාර්ගය බව පැවසේ.දැනට විශ්‍රාම ගොස් ඇති ෂර්පාවරුන් දෙදෙනකු 21වතාව බැගින් එවරස්ට් තරණය කර ඇත.
තමා තවමත් ශක්තිමත් බවත් 25වන වතාවටත් එවරස්ට් තරණය කිරීමට බලාපොරොත්තු වන බවත් කමි රිටා පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ෂර්පා ජාතිකයෙක් 24 වරක් එවරස්ට් නැග වාර්තාවක් පිහිටුවයි