ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ලෙස පත්වීමට නියමිතව සිටි ශසිකලා නටරාජන් මහත්මිය වංචා හා දූෂණ නඩුවකට අදාළව වරදකාරිය වූයෙන් ඇයට වසර හතරක සිර දඬුවමක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ඇයට හැකි ඉක්මනින් චෙන්නායි පොලිසියට බාර වෙන ලෙස ද නියෝග කෙරිණ. ඇය සමග ඇගේ ඥාතීන් දෙදෙනකුටද මෙම දඬුවම නියම වනු ඇත.
ඇයට තමිල්නාඩු මහ ඇමතිනි ලෙස දිවුරුමී දීමට නොහැකි වන සේ හා වසර දහයකට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි වන සේ මෙම තීන්දුව ලබා දී ඇත.
හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියටද මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. නමුත් ඇය මිය ගොස් ඇති නිසා ඇගේ ක්‍රියාකලාපය පිළිබඳ මෙහිදී විභාගයට ගෙන නොමැත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු විසින් වෙන වෙනම මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද නමුත් මෙම චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකාරිය බවට විනිසුරුවරුන් දෙදෙනාම තීන්දු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහිනී, ඉන්දියාවේ එෆ්සීඅයිඩී එකකුත් නෑ. (බ)
අපේ රටේ නම් හොරකම් කරලා හිරගෙට යන එක වීරකමක්නේ. ඇත දෙකම උඩට පෙන්වලා තමයි ඒ අය වීරකම ප්‍රදර්ශනය කරන්නෙත්. (ර)
ලංකාවේ උතුර දමිල ධිවරයින්ට අදහන සියලු දෙවිදේවතාවන් බැල්ම ලැබුනා. මෙයාගේ බෝට්ටු තමා වැඩිපුර උතුරු මුදුතිරයේ මාළු ඇල්ලුවේ. (ර)
මේ ලිපියේ තියෙන්නේ ඇයට දඬුවම් දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය බව. එහෙනම් නිදහස ලැබෙන්න විදියක් නැහැ නොවේද? (නි)
මෙතන අදහස් ඉදිරිපත් කරන හුගක් අය මේවායේ ඇතුලන්තය දන්නේ නැහැ වගෙයි. (ර)
වැරදි කර ඇත්නම් දඬුවම් ෂුවර්. (ර)
ඔය කව්රු කව්රුත් බලයට නැහෙන්නේ, හොරාකාපු ධනස්කන්දය බේරාගෙන සුර සැප විඳින්නයි. මිනිසුන් දෙපිලට බෙදී මොවුන්ට සුර සැප දෙන්න කුලල් කා ගන්නවා. (ර)
ලොකු අය වැරදි කරනවා, පස්සේ හිරේ දමනවා, ලෙඩ වෙනවා, රෝහල්ගත වෙනවා.... ටික කලකින්ම ඉතින් අභියාචනා එනවා... නීතීය ඒ අය නිදහස්ම කරනවා....... (නි)
ලංකාවේ කස්ටියටත් ඔය සෙන්ටෙන්ස් එකම තමයි බලන්නකෝ මොකද වෙන්නේ කියල ? (අ)
කල කම් පලදෙයි මෙලෙසේ (ම)
ලංකාවෙත් ඔය වගේ ඉක්මනට තීරණ දෙන්ට බැරි මොකද (ම)
ඉන්දියාවේ සීජීආර් එක වගේම ඉන්දියාවේ එෆ්සීඅයිඩී එකත් හොඳයි වගේ. (නි)
පුංචි අම්මට මේ මොකද වුණේ. අම්මත් හිටියා නම් දෙන්නටම එකට ඉන්න තිබුනා නේද? (නි)
ආසියාවේ ඔක්කොම දේශපාලුවෝ මේ වගේම හොරු තමා, මොන පාටෙන් හෝ පෙනීසිටියත්. (නි)
ලංකාවෙත් බුරුතු ගණන් ඉන්නා දේශපාලන හොරුන්ට බයනැතුව, තරාතිරම නොබලා දඬුවම් දෙන්නා ඕනෑ. (නි)
අපි කොච්චර ඉන්දියාව බැන්නත්, අපේ රටට වඩා නීතිය නම් හොඳට ක්‍රියාත්මක වෙන පාටයි. අපේ රටේ වෙච්ච මහ බැංකු වංචාව වගේ මහා හොරකම් වලට සම්බන්ධ අයටත් මේ වගේ තීන්දු අපේ රටේ අධිකරණයකින් කවදා ප්‍රකාශ කෙරෙයිද?? (නි)
ලංකාවට ඒ පැත්තෙන් මාලු කේස් නෑ මේ දවස්වල... (ර)
දැන් නම් අපේ අයට එන පොට හොඳ නැහැ වගේ. එහෙන් ඇමෙරිකන් සහයෝගය ඉවත් කළා වගේම මෙයා හිරේ ගියා. ඉන්දියාවේ තිබුන හිසරදය දැන් ඉවරයි. දැන් මොන අත්තෙ එල්ලෙන්නද මන්දා?
ඔවු සරත්, නඩුව අහන්න අවුරුදු 20 ක් ගියා කියන්නේ එච්චරම කාලයක් නොවෙයිනේ. (නි)
එට්කා ගිවිසුම යටතේ නඩු ඇසීම පිණිස ඔය විනිසුරුවන් දෙදෙනාත් ලංකාවට ගෙන්විය යුතුයි... (ර)
ජයලලිතා ජයරාම්ටද මෙවැනි සිර දඬුවම් ලබා දුන්නද, එය ඉහල උසාවියකින් අහෝසි කර ඇය නිදහස ලබාගත් පරිදි, මේ මහත්මියත් සතියකින් එලියට ඇවිත් මහ ඇමතිනියවී, පරණ පුරුදු වැඩ අරඹන බව සහතිකයි. (ර)
මහී, ඉන්දියාවේ කොහෙද සී.ජී.ආර්. එකක් ඒක, ලංකාවේ දුම්රිය සේවය නේ. (ර)
අපේ රටේ සිටින දේශපාලන තක්කඩින්ට මේක හොඳ පාඩමක් (බ)
විශ්ව, ලංකාවේ සිද්ධ වුණු අට අනූවක් හොරකම් වලින් ඔබට මතක මහා බැංකුව විතරද? (බ)
මෙන්න මෙහෙමයි දඬුවම් දෙන්න ඕන. (ර)
බුදුදහමට අනුව කිසිම කෙනෙකුට වරදක්කර හැංගෙන්න පුලුවන්ද? මෙයාටනම් නීතියෙන්ම ලැබුනා. නොලේබුනානම් සෝබාදහමෙනුත් ලැබෙනවා. කොවූරුත් හිතන්නේ හැමදාම රජකරන්න. (ර)
ලංකාවේ මේ වගේ නඩු අහල ඉකමනට තීරණ දෙනවා නම්... (ර)
අපේ රටේ අයනම් කවදාවත් හිරේ යන්නේ නෑ. හැමදාමත් දිනන පැත්තේ. (ර)