ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිනිය ලෙස හිටපු මහ ඇමැතිති ජයලිලතා ජයරාම් මෙනවියගේ ආධාරකාරියක වූ වී.කේ. ශෂිකලා නාටරාජන් මහත්මිය පත් කරගන්නා බව ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය අද (5) නිවේදනය කළේය.
ජයලලිතා ජයරාම් මෙනවියගෙන් පසු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිධුරයට ඕ.පන්නීර්සෙල්වම් මහතා පත්වූ අතර අද (5) චෙන්නායි නුවර පැවැති පක්ෂ රැස්වීමකදී ඕ.පන්නීර්සෙල්වම් මහතා තම ඉල්ලා අස්වීම බාර දෙමින් ශෂිකලා නටරාජන් මහත්මිය තමිල්නාඩු මහ ඇමැතිධුරයට යෝජනා කර ඇත.
ඒ අනුව පක්ෂයේ මහලේකම්වරිය වශයෙන් කටයුතු කරමින් සිටි ශෂිකලා නටරාජන් මහත්මිය තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය වශයෙන් පත් කිරීමට පක්ෂ සාමාජිකයෝ ඒකමතිකව තීරණය කළහ.
තමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය කඩිනමින් ආණ්ඩුකාරවරයාට බාරදෙන බව ද ඕ.පන්නීර්සෙල්වම් මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂයේ ශෂිකලා නටරාජන් මහත්මිය පක්ෂ මහ ලේකම්වරිය වශයෙන් පත්වූවාය.
ශෂිකලා නටරාජන් මහත්මිය තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය වශයෙන් දිවුරුම් දෙනු ලැබුණහොත් මාස හයක් ඇතුළත ශෂිකලා නටරාජන් මහත්මිය ප්‍රාන්ත සභාවට තේරී පත්විය යුතු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
‘ පුංචි අම්මා තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනිය වශයෙන් තෝරාගත්තා’ යැයි ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
‘අපගේ ගෞරවනීය අම්මාගේ අභාවයෙන් පසු මට මහ ඇමැතිධුරය බාරගන්නැයි ඕ.පන්නීර්සෙල්වම් යෝජනා කළා’ යැයි ශෂිකලා නටරාජන් මහත්මිය උපුටා දක්වමින් එම පක්ෂයේ තවත් නිල ට්විටර් ගිණුම තවත් ට්විටර් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශෂිකලා තමිල්නාඩුවේ මහ ඇමතිනිය වෙයි
මෙන්ඩිස් Sunday, 05 February 2017 12:12 PM
මේගොල්ලෝ ගැහැණු කට්ටියම ඉස්සරහට දාන්නේ ඇයි? (නි)
රජිත් Sunday, 05 February 2017 02:42 PM
අපි බලමු එහෙනම් එයාගේ වැඩ කොහොමද කියලා. (නි)
ඉන්දු Tuesday, 07 February 2017 10:03 AM
අපි බලමුකෝ ඉදිරිය කොහොම වෙයිද කියලා (නි)
හුසේන් මොහමඩ් -රියාද් Monday, 06 February 2017 08:33 AM
ජයලලිතගේ අභාවය සහ මේ පත්වීම පිලිබඳව, කරලියට නාපු ගොඩක් දේශපාලන කසුකුසු, පහුගිය ටිකේම ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඉන්දීය දේශපාලනය "තනිකරම අසුචි ගොඩක්". (ර)
ටෙෂාන් Monday, 06 February 2017 12:58 AM
එහෙනම් ඒකත් එහෙමයි?
ශාන සෞදි Wednesday, 08 February 2017 07:35 AM
නුගත් සමාජ රටාවක් තුල ඕනෙම කෙනෙක් රජකරවිය හැකිය (ම)
අබේරත්න Wednesday, 08 February 2017 09:26 AM
පුංචි අම්මගෙන් පස්සේ නැන්දම්මා ඒවිද දන්නේ නැහැ...(බ)