ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ තරංජිත් සිං සන්දු මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්දීය තානාපතිවරයා ලෙස නුදුරේදීම රාජකාරී ආරම්භ කරනු ඇතැයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
ඇමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස කටයුතු කරන හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මේ සතියේදී ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ බාරගැනීමට නියමිත බව ද එම පුවත් වාර්තාවේ දැක්වේ.
ඉන්දු ඇමෙරිකා සබඳතා සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් සහ විශේෂඥතාවක් දක්වන්නකු ලෙස සැලකෙන තරංජිත් සිං සන්දු මහතා සහ හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා දිල්ලි විශ්ව විද්‍යාලයේ ශාන්ත ස්ටීවන් පාසලේ සමකාලීයන් මෙන්ම හෝකී කණ්ඩායමේ කණ්ඩායම් සගයන් යැයි ද එහි සඳහන් ය.
චීනයේ මැදිහත් වීම නිසා පහළ වැටුණු ඉන්දු-ලංකා සබඳතා ශක්තිමත් කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ වඩාත් වැදගත්ම පාර්ශවකරු බවට පත් කිරීමට තරංජිත් සිං සන්දු මහතා විශේෂ කාර්යභාරයක් කළේ යැයි ද ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර ඇත.
මෙම පත්වීම් සම්බන්ධයෙන් නිල නිවේදන ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත් තවත් රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් කිහිපයක්ම මේ සතියේදී සිදු කිරීමට නියමිත බවත් එහි සඳහන් ය. ඉන්දියාවට වැදගත් තවත් රටවල් දෙකක් වන ප්‍රංශය සහ නේපාලයට ද නව තානාපතිවරු පත් කිරීමට නියමිත යැයි ද එහි දැක්වේ.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට ජය වෙවා
ලංකාවේ වැඩකළ කියන්නේ ලෝකේ ඕනෑම තැනකට සුදුසුයි කියන එක තමයි. වෙන රටවල්වල වගේ නොවෙයි. ලංකාවේ පාරවල්වල ත්‍රිවිල් එකක් ගියොත් යුධ ගුවන් යානා එලවන්න උනත් සුදුසුයි.