
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හංගේරියාවේ එක් දින සංචාරයකට සහභාගී විය. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් විසිනි.
අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බාන් සරණාගතයන්ට එරෙහිව ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. අග්‍රාමාත්‍යවරයා හමුවුණු අවස්ථාවේදී පාප්තුමන් පෙන්වා දුන්නේ සරණාගතයන් ද මනුෂ්‍යයන් බවත්, ඔවුන් කිසිවකු ප්‍රතික්ෂේප නොකරන ලෙසත්ය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, එම ධුරයට පත් වීමෙන් පසු, 2013 වසරේ මිට මේ දක්වා විදෙස් සංචාර රැසකට සහභාගී වී ඇත. මෙම වසරේ එතුමන් ඉරාකයේ සිවු දින සංචාරක නියැලුණු අතර එය ඓතිහාසික සංචාරයක් විය.
පසුගිය ජූලි මාසයේ 84 හැවිරිදි පාප්තුමන් ට සැත්කමක් සිදු කළ අතර එතුමන් දින 10 ක් රෝහල්ගතව සිටියේය. එම සැත්කමින් පසු විදෙස් සංචාරයකට එක් වුණු පළමු අවස්ථාව මෙයයි.
පාප්තුමන් සහ හංගේරියානු අග්‍රාමාත්‍යවරයා අතර හමුව පැවැත්වූයේ බුඩපෙස්ට් නුවර ලලිත කලා කෞතුකාගාරයේදීය. දෙදෙනා අතර තෑගි සහ සිහිවටන හුවමාරුවක් ද සිදුවිය. දෙදෙනා අතර කතාබහ මිනිත්තු 40 ක් පැවැත්විණි. පාප්තුමන් විශේෂ දේව මෙහෙයට සහභාගී වූයේ ඉන් අනතුරුවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
664
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2332
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප්තුමා හංගේරියාවේ