IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ශීතකරණය ඇරෙන්නේ ජාතික ගීයට පමණයි

ජාතික ගීය ගැයීමෙන් පමණක් විවෘත වන අපූරු ශීතකරණයක් හදුන්වාදීමට කැනඩාවේ බීර සමාගමක් කටයුතු කර තිබේ.

මෙම ශීතකරණය පදික වේදිකා මත පිහිටුවා තිබෙන්නක් වන අතර එහි ගබඩා කර ඇති බීර බෝතලයක රස විදීමට කැමැත්තෙක් වේ නම් ශිීතකරණය අසළට ගොස් උස් හඩින් කැනඩා ජාතික ගීය ගායනා කළ යුතුය.

එක් වදනක් හෝ අතපසු වුවහොත් ඔහුට හෝ ඇයට සිදුවන්නේ හිස් අතින් හැරී යාමටය.

ජාතික ගීය නිවැරදිව ගායනා කළේ නම් ශීතකරණයේ දොර ක්ෂණිකව විවෘත වේ.

මොල්සොන් කැනේඩියන් නම් වන මේ බීර සමාගම කැනඩාවේ ජාතිකත්වය ඉස්මතු කෙරෙන සේ සැකසූ මේ ආකාරයේම ශීතකරණයක් පසුගිය සමයේ රුසියාවේ පැවැති ශීත සෘතු ඔලිම්පික් උළෙලේදී හදුන්වාදුන්නේය.

එහි විශේෂත්වය වූයේ ශීතකරණයේ දොර විවෘත වන්නේ කැනඩා ගමන් බලපත‍්‍රයක් හමුවේ පමණක් වීමයි.



අදහස් (0)

ශීතකරණය ඇරෙන්නේ ජාතික ගීයට පමණයි

ගමේ කොල්ලා Wednesday, 09 July 2014 03:05 PM

ලංකාවේ ඕවගේ එකක් දැම්මොත් එක දවසෙන් උස්සනවා. (අ)

:       0       0

නෆීල් Saturday, 05 July 2014 02:44 PM

ලංකාවේ හුඟ දෙනෙක් ජාතික ගීය පාඩම් කර ගනී. (නදී)

:       0       0

සුසන්ත Friday, 04 July 2014 10:04 PM

ලංකාවෙත් ඔය වගේ මැෂිමක් කොහේහරි සවිකරන්න බැරිද දන්නේ නැහැ. හැබැයි මැෂිම වෙනස් කරන්න වෙයි අපේ ජාතික ගීයට හරියන්න. (නි)

:       0       0

තරිදු Sunday, 06 July 2014 07:23 PM

ජාතික ගීය ගයන ගමන් අර අහිංසක සීල් පැටවුන් පණපිටින් හම ගැසූ හැටිත් මතක්කර ගත්තා නම් හොඳයි (නි)

:       0       0

විශ්වවිජූර්ලක Monday, 07 July 2014 08:13 PM

ජාතික දිනේට හොඳට බොන්ඩ පුළුවන් (නදී)

:       0       0

ගාමිණී - සිරි Saturday, 05 July 2014 12:14 AM

අපේ රටේ තිතට මත, අරසේනා, මේ සේනා, අමද්‍යප සංවිධාන නිසා සිංහ රූපයත් ගලවපු කාලයේ මේවාට කොහෙත්ම ඉඩක් නොමැත. බැරිවෙලාවත් පටන්ගත්තා කියමුකෝ හරියට ගායනා කරයි. බෝතලෙත් ගනී. සැර මදි නිසා අඩුවට විකුණා සුදුවා හරි කේරල හරි පානය කරයි. (නදී)

:       0       0

කළණි Tuesday, 08 July 2014 12:32 PM

මම දන්නා කෙනෙක් මේ ව්‍යාපෘතියට හවුල්. එයා කියන විදියට බොහෝ කැනඩානුවන්ට ජාතික ගීය නිවැරදිව ගයන්න බැහැ.(දී)

:       0       0

කල්‍යාණි Tuesday, 08 July 2014 12:38 PM

අන්න නියමයි (දී)

:       0       0

කැනඩා දිසා Saturday, 05 July 2014 07:38 AM

ගාමිණී හරි (නි)

:       0       0

චාමික Wednesday, 09 July 2014 11:18 AM

ලංකාවේ නම් ශීතකරණය හොයාගන්නත් නැතිවෙයි (නි)

:       0       0

අසුර Wednesday, 09 July 2014 01:16 PM

ලංකාවෙ ජාතික ගීය කියන්න ඕනෙ සීරුවෙන්ද නැත්තං අලුත් විදියට පපුවට අත තියාගෙනද දන්නෙ නෑ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 56 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1629 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site