
චීනය මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින්, එරට පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වර්ජනය කරන බව ජෝ බයිඩන් පරිපාලනය පවසා තිබේ.
ඒ අනුව, බෙයිජීං අගනුවර කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙන චීන ශීත ඔලිම්පික් උළෙලට ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයන් සහභාගී නොවනු ඇති බව පැවැසෙයි. චීනය මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ඇමෙරිකාව චෝදනා කරන්නේ, චීනයේ උයුගුර් මුස්ලිම් ප්‍රජාව මුල්කොට ගනිමිනි.
මෙම මුස්ලිම් වැසියන් ජීවත් වන්නේ චීනයේ ෂිංජියැං පළාතේය. මෙම චීන මුස්ලිම්වරුන් චීන රජය විසින් දැඩි ලෙස මර්දනයට ලක් කර ඇති බවට ද ඇමෙරිකාව චෝදනා නගයි.
'චීනයේ පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් යවන්නේ නැතැයි බයිඩන් පරිපාලනය තීරණය කර තිබෙනවා. චීනය උයිගුර් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ඉතා දරුණු ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙනවා. ඊට එරෙහි වීමක් ලෙස බයිඩන් පරිපාලනය මෙම තීරණය ගත්තා' යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකී මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
615
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශීත ඔලිම්පික් උළෙල වර්ජනය කරයි
Piyasingha Tuesday, 07 December 2021 02:30 PM
ප්‍රශ්නයක් නැහැ. අනිත් රටවල් සහභාගි වෙයි.
Ranjan Wednesday, 08 December 2021 11:04 AM
එතකොට ඇමෙරිකාව, මැදපෙරදිග කරපුවා...