ප්යොන්ග්චැන්ග් (රොයිටර්)
ශීත ඍතු ඔලිම්පික් උලළේ මාධ්‍ය ගම්මානයේ ගින්නක් ඇති වී ඇතැයි වාර්තා වේ. ශීත ඍතු ඔලිම්පික් උලෙළ පැවත්වෙන්නේ දකුණු කොරියාවේ ප්යොන්ග්චැන්ග් ගම්මානයේය.
ගන්ග්නන්ග් ඔලිම්පික් උද්‍යානය ආසන්නයෙන් කළු දුම් වළාකුළු නැගෙන අයුරු දක්නට ලැබෙන බව වාර්තා වන අතර ගින්න ඇති වී තිබෙන්නේ ඉදිකිරිම් භූමියක යැයි ද වාර්තා විය.
ගින්න ඇතිවීමට හේතුව සොයා මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි දකුණු කොරියානු බලධාරීහූ ප්‍රකාශ කළහ. ප්‍රදේශයේ ජනතාවගේ දුරකතනවලට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ද නිලධාරීහූ කීහ.
ශීත ඍතු ඔලිම්පික් උලෙළ හෙට (9) ආරම්භ වීමට නියමිතව තිබෙන අතර පෙබරවාරි 25 වැනිදා දක්වා පැවත්වීමට නියමිතය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd