IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


’ශක්තිමත්ව නැගිටිමු’ උපායමාර්ගයට අවධානය ජී 7 අවධානය

ශක්තිමත්ව නැගිටිමු යන උපායමාර්ගයට අවධානය යොමු කළ යුතු යැයි ජී7 ලෝක නායක සමුළුව ආරම්භ කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසීය.  

බ්‍රිතාන්‍යයේ ‘කෝන්වෝල්’හිදී මෙවර ජී7 සමුළුව ආරම්භ වූ අතර ‘කොවිඩ්-19’ වසංගතයෙන් පසු ශක්තිමත්ව නැගී සිටීම සඳහා “බිල්ඩ් බැක් බෙටර්” උපායමාර්ගය අනුගමනය කළ යුතු යැයි ද මෙතෙම කීවේය.

“අත්වැරැදීම්/අතපසුවීම්” වලින් ඉගෙන ගත යුතු බවත් විශේෂයෙන්ම 2008 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පාඩම් උගත යුතු බවත් විෂමතාවයේ කැළල්වලට පිළිතුරු සෙවිය යුතු යැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීය.

මෙවරට ජී7 සමුළුවේදී ‘කොවිඩ්-19’ එන්නත් බෙදාහැරීමේ ක්‍රියාවලියට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී තිබේ.

කෝන්වෝල්හි ගම්මානයක් වන කැබ්රිස් බේ ගම්මානයේ කැබ්රිස් බේ හෝටලයේ දී මෙම සාකච්ඡා පැවැත්විණි.

දිනක් මුළුල්ලේ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ජී7 ලෝක නායකයෝ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

එහිදි මහ රැජින ලෝක නායකයන්ට විහිළුවක් කළ බව ද දැනගන්නට ලැබේ.

ගෙවීගිය සතියේදී ප්‍රධාන වට මේස සාකච්ඡා පැවැත්වුණු අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ආරම්භක දේශනය කළේය.

වසංගතයෙන් පසු මේ වනවිට ලෝකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් එහිදි සමාජ මට්ටම් ඉහළ දැමීම සහ ශක්තිමත්ව නැඟී සිටීම (බිල්ඩ් බැක් බෙටර්) යන උපායමාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කීය.

“ඒ සඳහා අපට විශාල අවස්ථාවක් ඇතැයි මම හිතනවා. ජී7 සමුළුව තුළින් පිරිසුදු, පරිසර හිතකාමී ලෝකයක් සඳහා දේශගුණික විපර්යාසවලට ගැටලුවලට විසඳුමක් අප එක්ව නැඟී සිටිය යුතු යි. ඒ සඳහා පොදු දැක්මක් ඇතිව කටයුතු කළ යුතු යි. ඒ තුළින් එක්සත් විය යුතු” යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීවේ ය.

අධ්‍යාපනය සඳහා වන ගෝලීය හවුල්කාරීත්වයට ස්ටර්ලින් පවුම් මිලියන 430 ආධාරයක් ලබාදෙන බව ද එක්සත් රාජධානිය මෙහිදි නිවේදනය කළේය.

අවදානම් සහගත තත්ත්යේ සිටින දරුවන්ට, විශේෂයෙන්ම ගැහැනු දරුවන්ට වඩාත් හොඳ පාසල් අධ්‍යාපනයක් ලබාදීම කෙරෙහි මෙහිදි විශේෂ අවධානයක් යොමු කරන බව ද බ්‍රිතාන්‍ය රජය සඳහන් කළේය.

රොයිටර් සහ බී.බී.සී. ඇසුරිනි



අදහස් (0)

’ශක්තිමත්ව නැගිටිමු’ උපායමාර්ගයට අවධානය ජී 7 අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site