තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගත් තමිළග වෙට්ට්‍රි කසාගම් පක්ෂය සහ එහි නායක ජනප්‍රිය රංගන ශිල්පී තලපති විජේ රජයක් පිහිටුවීමට තමිල්නාඩු කොංග්‍රස් පක්ෂයේ සහාය ඉල්ලා ඇත.

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් වැඩිම ආසන දිනා ගනිමින් විශිෂ්ට ජයක් වාර්තා කළත්, වෙට්ට්‍රි කසාගම් පක්ෂයට බහුතර බලයක් හිමි වූයේ නැත. ඔවුන්ට ආසන 8 ක අඩුවක් පවතී.

විජේ, තමිල්නාඩු කොංග්‍රස් පක්ෂයේ සහාය අපේක්ෂා කරන්නේ එබැවිනි. තමිල්නාඩු කොංග්‍රස් පක්ෂයේ නායක කේ.සී. වේණුගෝපාල් සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ තලපති විජේ අතරේ හමුවක් අද (6) උදෑසන පැවැත්වීමට නියමිතය.