
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරක් කිරීමේ අරමුණින් ධවල මන්දිරයට කඩා වැදීමට සූදානම් වුණු සන්නද්ධ පුද්ගලයකුට ජනාධිපති ආරක්ෂක අංශය වෙඩි තැබුවේය.
වෙඩි තැබීම සිදුවූයේ ධවල මන්දියට ආසන්නයේ ඇති ‘නැෂනල් මෝල්’ උද්‍යානයේදීය. වොෂින්ටන් මෙනියුමන්ට් කුලුන මෙන්ම සුප්‍රසිද්ධ ලින්කන් පිළිමය ඇත්තේ ද මෙම උද්‍යානයේය.
ජනාධිපති ආරක්ෂක නිලධාරීන්ට මෙම පුද්ගලයා ගැන සැක සිතී ඔහුගෙන් ප්‍රශ්න කිරීමට යෑමේ දී ඔහු සන්න්දධ පුද්ගලයකු බව දැනගත් බවත්, හම අවස්ථාවේදී සීක්‍රට් සර්විස් නිලධාරීන් ඔහුට වෙඩි තැබූ බවත් පොලිසිය කියයි.
ඇමෙරිකා ඉරාන යුද්ධය හේතුවෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ ජීවිතයට තර්ජනයක් පවතී. මීට සති කීපයකට පෙර, ධවල මන්දිර මාධ්‍යවේදීන්ගේ සන්සදයේ සාමාජිකයන් වෙනුවෙන් පැවැත්වුණු රාත්‍රිී භෝජන සංග්‍රහය අතරතුරේ ද ට්‍රම්ප් ඝාතනය කිරීමට කෝල් තෝමස් ඇලන් නමැත්තා උත්සාහ ගත්තේය. කෙසේ නමුත් ඔහු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශ සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd