මලයාසියා ගුවන් යානය මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු ස්ථානයේ බිම් බෝම්බ අටවා ඇති බැවින් එහි ළඟාවීමට නොහැකියැයි පරීක්ෂණ කණ්ඩායම් පවසයි.
ඕලන්ද අධිකරණය හා නිරායුධ යුද හමුදා පොලිස් කණ්ඩායමක් අද තීරණය කළේ අනතුර සිදුවූ ස්ථානයට යාම අනාරක්ෂිත බවයි. මේ තීරණයට එළඹී ඇත්තේ යුක්රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්සික කවුන්සිලය විසින් ත්‍රස්තවාදීන් යැයි හඳුන්වන පිරිස් විසින් මේ ස්ථානයේ බිම්බෝම්බ වළලා ඇතැයි නිවේදනය කිරීම හේතුවෙනි.
යානයේ සුන්බුන් හා ඒවා අතර සිරවී ඇති මිනිස් කොටස් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මේ හේතුවෙන් අපහසු කාර්යයක් යැයි පර්යේෂකයෝ කියති.
ඇමරිකා සහ යුක්රේන් නිලධාරින් පවසන්නේ රුසියාව විසින් මිසයිල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් මෙම යානය විනාශ වු බවයි. රුසියාව සහ කැරලිකරුවන් අතර මේ සම්බන්ධයෙන් අරගලයක් පවතින අතර ඔවුන් චෝදනා කරන්නේ මෙම ප්‍රහාරයට යුක්රේනය වගකිව යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd