පෘතුගාලයේ මොසැන්තෝ ගම්මානය බලන්නට වටිනම තැනකි.මෙහි නිවෙස් බොහෝමයක වහල, බිත්ති වී තිබෙන්නේ විශාල පාෂාණයන්ය.
ඇතැම් නිවාස පාෂාණ වලට මැදිව, පාෂාණ යට, පාෂාණ වලට පසෙකින් පිහිටයි. එම නිවාස වල කොටසක් හෝ දැවයෙන් හා සිමෙන්ති යොදා තනා තිබෙතත් තවත් නිවාස සම්පූර්ණයෙන්ම නිම වී තිබෙන්නේ තනි පාෂාණයෙන්ය.
මොසැන්තෝ හි අතීතය 16 වැනි සියවස දක්වා දිව යන්නකි. එදවස තිබුණු නිවාස අද දක්වාම පවතී.
ගම්මානයේ 800 දෙනෙක් පමණ වාසය කරති.නවීන පහසුකම්වලින් පිරි නිවාස තිබුණත් ගම්මානයේ පිහිටීම නිසා ඔවුනට රථ වාහන භාවිතය අපහසුය. ඒවායේ තැන හිමිව ඇත්තේ බූරුවන්ටය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙවගේ කුණු පොඩ්ඩක්වත් නැනේ.කිසි ගතියක් නැහැ. (ර)
ලස්සන හීනයක් වගේ. මේවා දැක බලාගන්නාතුරුවත් ජීවත්වීමේ අපරිමිත ආශාවෙන් පසුවෙමි. (නි)
මෙහෙ මිනිස්සු නම් පේන්න නැහැ වගේ (නි)
මොනතරම් චමත්කාරජනකද? (නි)
ලීලා, ගූගල් එකට ගොස් සොයා බලන්න. සම්පුර්ණ නගරය තිබෙනවා. සුන්දර රමණීය ගම්මානයක් දැකගන්න පුළුවන් ඔයාට (නි)
මේවා ඇතුළේ ඉන්න බය නැද්ද? හදිසියේවත් මේ ගලක් සෙළවුණොත්? (නි)
අනේ මන්දා.මම කල්පනා කළේ පොඩි භුමිකම්පාවක්වත් ආවොත් මොකද වෙන්නේ කියලා (නි)
වැඩේ කලාත්මක වුණාට අති භයානකයි.පරිසරයට මේ තුලින් කොච්චර හානි සිදුවෙලා ඇත්ද.අර කොස්ලන්දට වෙච්ච දේට වඩා බරපතල ආපදාවක් වෙන්න ඉඩ තියෙනවා නුදුරේදී.එහෙම නොවෙයි කියලා පතමි. (අ)
කිසිදු ලාංකිකයෙක් නැති බටහිර එකම රට මේක වෙන්න ඇති (නි)
ඥාතීන් ඉන්න පුළුවන්. ලංකාවෙන් යනකොට අපේ අය විවාහ කරගෙන යන්න ඇති (නි)
මේවා අලුතෙන් හදපු ඒවානේ. රිටිගලට ගිහින් බලන්න අපේ හෙළයන්ගේ වැඩ. සුද්දෝ අපේ උරුමයන් විනාශ කළා.අපේ හෙළයා ඔය වැඩ කළේ වසර 2500 කටත් කලින්. (නි)
ඒ කියන්නේ කුමාරන, අපි ගල්ගුහාවල හිටියා කියන එකද? (නි)
අපේ ලංකාවේ නම් මෙහෙම ජීවත්වෙන්නේ හිඟන අය... (නි)
හරිම ලස්සනයි. ඒ උනාට බයයි (නදී)
අති සුන්දර ගම්මානයක්. ඉතාමත් පිරිසිදු පරිසරයක්. තරමක බියක් ඇතිකරනවා. අධික වර්ෂාව පවතින දිනවල ඒ බිය දෙගුණ තෙගුණ වනවාට සැකයක් නැහැ. නමුත් අලුත් අත්දැකීමක්. පර්වත යට සාදා තිබෙන කාමර තුළ එම ගල් රත්වන අවස්ථාවල යම්කිසි රස්නයක් තිබෙන්නට පුළුවන් නේද? නමුත් මෙම ඉදිකිරීම් දෙස බලනවිට එම විශාල ගල් සම්බන්ධ කරමින් තම නිවාස තනන්න ඔවුන් දැඩි වෙහෙසක් දරන්න ඇති. මොකද මේ ඔවුන්ගේ ස්ථීර වාසස්ථාන නිසා කිසිවිටක තමන්ට අනතුරක් නොවන ආකාරයට වගබලාගැනීම සඳහා. (නි)
ලාංකිකයෝ මේ රටේ ඉන්නවා. ඒ වගේම ලංකාවෙත් පෘතුගාලයට සම්බන්ධ කට්ටිය ඉන්නවා (නි)
අපේ වනගත ආරන්‍ය සේනාසනවලින් කොපි කරගත්ත එකක් වගේ, ඒ වුනාට කටාරමක්වත් කොටාගන නැහැ. වැහි වෙලාවට වතුර බිත්ති දිගේ යනවා ඇති. (හේ)
හරිම ලස්සනයි.(හේ)
මම මේ නගරය චිත්‍රපටියකින් මීට පෙර දැකලා තියෙනවා. හරිම ලස්සන නගරයක්. යුරෝපීය ජාතිකයන් ජීවිතය, ජීවිතය තුළින් දකිනවා. ඔහුන් මුදල් පසුපස හඹායන්නේ නැහැ. නිදහස් නිරවුල් සාමකාමී ජ්විතයක් තමයි ගෙවන්නේ. මගේ මිතුරන් සිටිනවා යුරෝපයේ ගොඩක් රටවල. ඒ අයගේ සිතුම් පැතුම් හරි වෙනස්. ඒ වගේම හරිම බුද්ධිමත්. (නි)
පරිසරකාමී වැදගත් මිනිස්සු අපේ රටෙන් ඇරියා නම් හරි. නවීන ක්‍රමයට ගල් ටික පුපුරවලා, පොළව මට්ටම් කරලා, පුළුල් මංමාවත් දාලා, තෙකලා විදුලිය සපයලා, ආඩම්බරයක් දැනෙන නමක් දාලා වැඩේ පටන්ගනීවි (නි)
සමන්,ප්ර්තුගලයේ වැඩිය මිනිස්සු පෙන්න නැ යුරෝපයේ දියුණු රටවලට රැකියා සදහා යන නිසා. (බ)
පරිසරයටත් මිනිසාටත් අහිතකර බලපෑම් බොහොම අඩු, හරිම ලස්සන ඡායාරූප ටිකක් දකින්න ලැබීම ගැන ස්තූතියි! (නි)
හරිම ලස්සනයි!(හේ)
මෙහි ඇති කිසිම ගලක බුලත් කොලේ හෝ අලියා ලකුණ හෝ මනාප අංක නැත.(බ)