තුර්කියේ නිරිතදිග බෝඩ්‍රම් නගරයට ඊයේ (29 දා) දවස පුරා ඇද හැලුණු වර්ෂාවෙන් නගරය ජලයෙන් යටවී ඇත.
වර්ෂාවෙන් මෝටර් රථ කිහිපයකටම හානි සිදු වී ඇත.
මාර්ග ජලයෙන් යටවීම නිසා පදිකයන් සහ රියදුරන් අපහසුතාවයට වී ගමනාගමන කටයුතු ද අඩාල විය.
සාප්පු සංකීර්ණ, ගොඩනැගිලි සහ නිවාස ද ජලයෙන් යටවිය.
බෝඩ්‍රම් සහ කොස් ග්‍රීක් දූපත අතර ඇති තුර්කි වෙරළතීරය ප. ව 2 පමණ මිනිත්තු 15ක් සම්පූර්ණයෙන් වතුරෙන් වැසී නොපෙනී ගියේය.
අධික වර්ෂාව පවතින විට අවදානෙන් සිටින්නැයි බලධාරීහු තුර්කි වැසියන්ගෙන් ඉල්ලා සිටියහ.
විපතට පත් ජනතාව මුදාගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇත.
(63226)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd