සෙනසුරාදා තැන තැන පැවති වර්ෂාවත් සමග ඉන්දියාවේ අධික උෂ්ණත්වය අඩුවූ බව විදෙස් ප්‍රවෘත්ති සේවා කියයි.

අධික උෂ්ණත්වය දරාගත නොහැකිව ඉන්දියාවේ මිය ගිය ගණන 2,200 ක් පමණ වන බව එරට බලධාරීහු කියති.

දැඩි හිරු කිරණ හේතුවෙන් දකුණු ඉන්දියාවේ තෙලන්ගනා, ආන්ද්‍ර ආදී ප්‍රදේශවලට දැඩි බලපෑමක් සිදුවිය. නව දිල්ලි අගනුවරටද දැඩි උෂ්ණත්වය ඇති විය.

උත්තර, දක්ෂිණ හා බටහිර කලාපවලට සෙල්සියස් අංශක 45 (ෆැරන්හයිට් අංශක 113) කට ආසන්න උෂ්ණත්වයක් වාර්තාවූ බව විදෙස් පුවත් කියයි.