නෝර්වේ රාජ්‍ය වෙරළ තීරයේ අදින් වසර 8200 ට පෙරාතුව සිදුවී විශාල නාය යාමක් හේතුවෙන් බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත සුනාමියකට මුහුණ දීමට සිදුව ඇති බව ලන්ඩන් නගරයේ ඉම්පීරියල් කොලේජ් හි පර්යේෂකයන් පිරිසක් තහවුරු කරගෙන ඇත.
ඔවුන් පවසන්නේ මේ නායයාම ස්ටොරෙගා ලෙස හඳුන්වන බවයි. නායයාමෙන් ඇති වූ සුනාමි රළ ලිබර්ටි ප්‍රතිමාවේ උස මෙන් භාගයක් පමණ උසකට නැග ඇති බවත් බ්‍රිතාන්‍යය සහ අනෙක් රටවල් ගණනාවක වෙරළ තීරයට හානි සිදුව ඇති බව සොයාගෙන ඇත. ඔවුන් පවසන්නේ බ්‍රිතාන්‍ය වෙරළාශ්‍රිත පහත් බිමක් වූ ඩොජර්ලන්ට් සහ එහි වැසියන් විනාශ වී ඇති බවයි. ඩොජර්ලන්ඩ් යනු අතීතයේ යුරෝපයත් බ්‍රිතාන්‍යයත් එකිනෙක සම්බන්ධ කළ භූමි භාගයයි. එය ක්‍රිස්තු පූර්ව 6500 දී පමණ මුහුදු මට්ටම ඉහළ යාමෙන් ජලයෙන් යටවූ බව පිළිගෙන තිබිණි.
එකළ සිදුවූ මේ සුනාමි තත්ත්වය වැඩිදුරටත් අධ්‍යයනය සඳහා පර්යේෂකයන් පරිගණක ආකෘතියක් ද සාදා ඇත. එම ආකෘතිය මගින් ඉතිහාසයේ දී සාග පත්ලේ විනාශකාරී සුනාමි බලපෑම් ද විස්තර කරයි. ඔවුන් විසින් සොයාගත් තොරතුරු ඉදිරි දින කිහිපයේ දී වියානාවල පැවැත්වීමට නියමිත යුරෝපීය භූගර්භ විද්‍යා සංගමයේ මහා සභා රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර , ඔයාලගේ ගෙදර ආවොත් අපිට සලකුණ බලන්න පුලුවන්ද? (නි)
මේ පිළිබඳ තව තොරතුරු අවශ්‍යයි. (ස)
මේ පර්යේෂකයන් අනාගෙන, නෝවාගේ ජලගැල්ම වෙලා දැන් අඋරුදු 6000 ට වැඩියි, මුළු ලෝකයේම මේ ජලගැල්මේ සලකුණු බලාගන්න පුළුවන්. (ස)
කුමාර, නොවැහැ කියන්නේ , මේ ඔයාලගේ ගෙවල් පැත්තේ ඉන්න කෙනා නොවෙයි. පුරාණ චරිතයක්. (ස)