IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


වසර 40කින් හඳේ ජනාවාස

පෘථීවියෙන් එපිට ජනාවාස තැනීමේ තවත් පියවරක් ලෙස සඳ මත ඉදිකළ හැකි නිවහනක සැළැස්මක් ඉදිරිපත් කිරීමට යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය කටයුතු කර තිබේ.

අභ්‍යාවකාශ ඒජන්සියේ පර්යේෂකයින් පවසන්නේ තවත් වසර 40 ක් වැනි කාලයකදී සඳ මත ජනාවාස ඇතිකළ හැකි වනු බවයි.

ඉදිරිපත් කර ඇති මෙම නිවහන තැනීමට යොදාගැනීමට සැළසුම් කර ඇත්තේද සඳ මතින් ලබාගන්නා අමුද්‍රව්‍යයන්ය.ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ආධාරයෙන් නිවස තැනීමට අවශ්‍ය කොටස් නිපදවා ගන්නා බව පර්යේෂකයින් කියයි.

සඳ මත ශුන්‍ය ගුරුත්වය මගහැරවීමට, නිරන්තරයෙන් පතිත වන උල්කාපාත වර්ශාවන්ගෙන් ගැලවීමට, විකිරණශීලී කිරණයන්ගෙන් ඇතිවිය හැකි හානි වළක්වාගැනීමට උපක්‍රමයන්ද මෙම නිවහනේ භාවිතා වනු ඇත.

සිව් දෙනෙකුට පමණ පහසුවෙන් ලැගුම් ගැනීමට හා දෛනික කාර්යයන්හි යෙදීමට තරම් නිවස ප්‍රමාණයෙන්ද විශාල බව සඳහන්ය.

ඉතා සරල අයුරින් සැළසුම් කෙරී තිබුණද නිවස සවි ශක්තිය අතින් ඉහළින්ම සිටින බවද පර්යේෂකයින් කියයි.

1415303859693_wps_2_10638569 article-2272028-174AAE9C000005DC-668_964x572 article-2272028-174AAEAD000005DC-234_964x538 article-2272028-174AAEBA000005DC-137_964x534



අදහස් (0)

වසර 40කින් හඳේ ජනාවාස

ජෙහාන් Friday, 07 November 2014 06:54 AM

අනේ දැන්මම හදන්න බැරිද? (නි)

:       0       0

උයන්ගොඩ Sunday, 09 November 2014 05:41 PM

ඔය හඳ තරණය කිරීමට ඉන්දියාවත් දැන් පොරකනවා. (නි)

:       0       0

පසිදු Saturday, 08 November 2014 09:25 AM

මටත් හඳට යන්න කතා කරා.(හේ)

:       0       0

සඳරුවන් Saturday, 08 November 2014 02:34 AM

හ‍ඳේ හාවාටත් යනඑන මං නැතිවෙන වැඩක් ඔය කරන්නේ (නි)

:       0       0

සෝමරත්න Saturday, 08 November 2014 10:25 AM

සල්ලි තියෙන අය යයි.(හේ)

:       0       0

රජින්ද Saturday, 08 November 2014 10:33 AM

ඔව් ඉතින් කරුමයක් තියෙයි නම් ඒක ගෙවන්නත් එපැයි.. ඉතින් එහෙම කට්ටියට කියාපු තැන.. විශේෂයෙන්ම ගස්-කොළන්, සතා-සීපාවුන්, ගංගා-මුහුද දකින්න අකමැති කට්ටියට හොදයි.(හේ)

:       0       0

සම්පත් Tuesday, 11 November 2014 09:40 AM

මම හිතන්නේ දැන් අවුරුදු 40ක් තිස්සේ මේ කතාව කියවනවා.(හේ)

:       0       0

ලලීන් Tuesday, 11 November 2014 09:45 AM

ලෝකයේ මෙච්චර ඉඩ තියෙද්දි හදේ පදිංචියට යන්නේ මොන දේකටද?(හේ)

:       0       0

හසිත Friday, 07 November 2014 10:01 AM

මේවාට තමයි සිහින මාලිගා කියන්නේ.(හේ)

:       0       0

හියාරා Tuesday, 11 November 2014 10:11 AM

මෙයාලට පිස්සු. කන්න, බොන්න.. හැම දෙයක්ම විසදෙයද? (ස)

:       0       0

සේනක Saturday, 08 November 2014 11:53 AM

හදේ කී දෙනෙක්ට පදිංචි වෙන්න පුළුවන්ද (හේ)

:       0       0

රමේෂ් Saturday, 08 November 2014 11:53 AM

අනේ පුලුවන්නම් අපිවත් එක්කන් යන්න.(හේ)

:       0       0

සෙව්මිණි Saturday, 08 November 2014 11:53 AM

මේ ලොකේ ඉන්න බැරි අය යයි.(හේ)

:       0       0

ඉසුරන්දි Saturday, 08 November 2014 11:53 AM

අනේ පුලුවන්නම් ඔය ඩයස්පෝරාවේ කට්ටියවයි ලලිත අක්කගේ නඩේවයි ඔහාට කොහොමහරි පිටත් කරලා යවන්න බලන්නකෝ.එයාලට එහෙනම් ඕනෑතරම් නිදහස තියෙනවා එයාලගේ වැඩ කටයුතුවලට අපේ රටෙන් බාධාවකින් තොරව. (අ)

:       0       0

ධනුෂ්ක දිසානායක Wednesday, 12 November 2014 02:05 PM

මටත් කතා කළා. අනේ ඒත් මම බෑ කිව්වා (නදී)

:       0       0

ගුණරත්න Monday, 10 November 2014 03:37 PM

අපේ අයත් යයි.(හේ)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Saturday, 08 November 2014 12:32 PM

පෘතුවිය සහ පෘතුවි තලයත් දුෂණය කරලා, හඳත් දුෂණය කරන්න. ගමේ සිටින අපිට රෑට එ්කේ එළියත් නොලැබෙයි. මිනිසා දියුණු උනා කිව්වට ඔය දියුණුවෙන් උනේ ආයුෂ කොට කර ගන්න එක (නදී)

:       0       0

අමිල Saturday, 08 November 2014 05:39 AM

අපි වගේ අයට හුලං තමයි.(හේ)

:       0       0

සිල්වා Saturday, 08 November 2014 01:31 PM

මිහිමත හිසට නිවහනක් නැති කොපමන මිනිසුන් ඉන්නවාද? විද්‍යාව කොතරම් දියුණු වුවත් සෑම මිනිසෙකුට එයින් ප්‍රයෝජනයක් ලැබී නැත.(හේ)

:       0       0

දමින්ද Saturday, 08 November 2014 01:37 PM

කොහොමත් අපේ අය හදට යයි.(හේ)

:       0       0

අමිළ Sunday, 09 November 2014 06:24 AM

පිස්සු හැදේ සද බැබලේ (නදී)

:       0       0

විමල් Friday, 07 November 2014 01:25 PM

අයියෝ සල්ලි ! (නදී)

:       0       0

පෙරේරා Sunday, 09 November 2014 07:09 AM

ඇත්තටම හොද අදහසක්.(හේ)

:       0       0

දසුන් Sunday, 09 November 2014 07:40 AM

ජය වේවා.(හේ)

:       0       0

මාර්ටින් Saturday, 08 November 2014 07:42 AM

දැන් ඔය හදන්නේ පෘතුවිය කාලා කාලා ගිහින් හදත් කාලා දාන්න.(හේ)

:       0       0

චන්දන Friday, 07 November 2014 02:53 PM

සල්ලි තියෙන මිනිස්සු යයි.(හේ)

:       0       0

පුෂ්පසිරි අල්විස් Saturday, 08 November 2014 05:18 PM

දුමින්ද කිව්වා වාගේ අපේ ලංකාවේ අය හඳ මතුපිට ගමන් කළේ ඔය බටහිර රටවල් ඇමරිකාව කරන්නට කලින්. දැනටත් කුඩු ගහලා,කසිප්පු ගහලා හඳ මතුපිට ගමන් කරන අපේ අයියලා ඉන්නවා (නි)

:       0       0

සිරිමන් වර්ණකුලසුරිය Wednesday, 12 November 2014 06:59 PM

ඔය යන හැමෝටම හඳේ කන්න දෙයක් නැහැ. හාවාගෙන් ඉල්ලලා කිරිපැණි තමයි කන්න වෙන්නේ. (නදී)

:       0       0

මධු Sunday, 09 November 2014 10:27 AM

නොමිලේ එක්ක ගියත් මමනම් යන්නේ නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 412 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2186 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1657 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site