ඉතා දුර්ලභ හර්නියා තත්ත්වයක් හේතුවෙන් අධික වේදනාවක් විඳ මියගිය රාජකීයකුගේ සිරුරක් සී ටී ස්කෑන් පරීක්ෂණයකින් හඳුනාගත හැකි වූ බව කොරියාවේ වෛද්‍යවරු පිරිසක් කියති.
දකුණු කොරියාවේ ඇන්ඩන් හි චෝසුම් රාජවංශයට අයත් රාජකීය සොහොන් ගැබකින් හමුවූ මමී බවට පත්කැර තිබූ සිරුරක් සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදුකිරීමේ දී මේ බව හෙළි වී ඇත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ රාජකීයයා මියගොස් ඇත්තේ අදින් වසර 300 ට පමණ පෙරාතුව බවයි. 17 වැනි සියවසේ දී මියගිය සිරුර පරික්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ මහා ප්‍රාචීරයේ ස්වභාවිකව ඇති වූ සිදුරක් හේතුවෙන් ආමාශය හා අක්මාව දැඩි සේ පහතට ගමන්කර තිබූ බවයි. හෘදය ද සාමාන්‍ය පුද්ගලයකුගේ හෘදයට වඩා පහළට ගමන් කැර තිබූ බවත් ඒ හේතුවෙන් පෙනහළු ද දැඩි පීඩනයකට ලක්ව තිබූ බවත් වෛද්‍යවරු කියති.
වෛද්‍යවරු පවසන්නේ මේ පුද්ගලයා මියයන විට 45 වැනි වියේ පසුවන්නට ඇතැයි විශ්වාස කරන බවයි. අඩි පහයි අඟල් තුනක් උසැති ඔහු විවාහකයකු යැයි අනුමානයක් පවතී. දැඩි පපුවේ වේදනාවක්, නිරන්තර පවතින ඔක්කාරය, හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් මොහු අධික වේදනාවක් විඳින්නට ඇති බවත් එයට හේතුව හර්නියා තත්ත්වයක් යැයි එකළ වෙදැදුරන් දැන නොසිටින්නට ඇති බවත් නූතන වෛද්‍යවරු කියති.
මේ සිරුර සම්බන්ධ පරීක්ෂණ සිදුකළ දකණු කොරියාවේ සෝල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමේ ප්‍රධානී යී සුක් කිම් මෙසේ කියයි.
‘‘ මහා ප්‍රාචීරයේ තිබූ දුර්වලතාව හේතුවෙන් ඔහුගේ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රීන් පහළට ගමන් කැර තිබෙනවා. ඇතැම් කොටස් තිබුණේ යටි බඩේ. හදවත හා පෙනහළු තදින් මිරිකී තිබුණා. කෙසේ වෙතත් තේරුම්ගත නොහැකි තරම් අධික වේදනාවක් ඔහු විඳින්නට ඇති. මේ තත්ත්වය තමයි ඔහුගේ මරණයට හේතු වන්නට ඇත්තේ. “
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර 300ට පෙර හර්නියාවෙන් මියගිය රාජකීයයා
අනුර Thursday, 17 July 2014 09:30 AM
හොඳ ලිපියක් (නි)