වසර 121 කට පසුව ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්  දකින්න ලැබෙන බව පැවැසෙයි. 

ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ,  1905 වසරෙන් පසු දර්ශනය වන මෙම සූර්යග්‍රහණය ලබන අගෝස්තු 12 වැනිදා ස්පාඤ්ඤය, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, රුසියාව සහ පෘතුගාලයේ කොටසකට දැක ගැනීමට හැකිවනු ඇති බවය.