IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විස්මිත සැත්කමකින් කට හදයි

ළමා කාලයේ දී වෘකයකුගේ ප්‍රහාරයකින් දත් සහ මුඛය විරූපී වූ 65 හැවිරිදි පුද්ගලයකුගේ මුහුණේ පෙනුම සැකසීමේ ශල්‍යකර්මයක් සාර්ථක වූ බව චීනයේ වෛද්‍යවරු කියති. ඒ වසර 56ට පසු වීම විශේෂත්වයකි.

වයඹ දිග චීනයේ කඳුකර ගයිසු පළාතේ ඩේටෑන් ගමේ ජීවත් වූ 65 හැවිරිදි ෂියුං අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 11 දී ය. වෘකයා ඔහුගේ මුහුණ උලාකෑමෙන් විරූපී ස්වභාවයක් ලැබී ඇති අතර එදා පටන් දියරමය ආහාරවලින් පමණක් ජීවත් වීමට ඔහුට සිදුව තිබිණි.

මුහුණේ විරූපී බව හේතුවෙන් ඉන් පසු පාසල් යාම නතරකැර දැමූ ඔහුට විවාහ වීමට ද හැකිවූයේ නැත. රැකියාවක් ද නොලැබුණු ෂියුං හුදකලා ජීවිතයක් ගත කළේය.

මේ විකෘති ස්වභාවය යළි නිසි පරිදි සකස් කිරීමේ ශල්‍ය කර්මය කළ වෛද්‍යවරු පවසන්නේ ඔහුගේ මුඛය සැබැවින්ම නොමැති බවයි. එමෙන් ම හකු පවා විකෘත්ති වී ඇතැයි ඔවුහු කියති. මෙතෙක් චීනයේ මුහුණ හා හකු සම්බන්ධව කරන ලද වඩාත්ම අභියෝගාත්මක ශල්‍යකර්මය ලෙස සැළකෙන්නේ ද මේ ශල්‍ය කර්මයයි.

ශල්‍යකර්මයට විවිධ ක්ෂේත්‍ර නියෝජනයකරන වෛද්‍යවරු 20 දෙනකු පමණ සහභාගී වූහ. වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී චෙං පවසන්නේ රෝගියාගේ ඉහළ සහ පහළ තොල් මෙන් ම මාංශ පේෂි පවා යළි සකස් කැර ඇති බවයි.

මුහුණේ පෙනුම ලබා ගැනීමට අවශ්‍ය පටක ලබාගෙන ඇත්තේ ඔහුගේ පාදයෙනි. මූළික සැත්කම දැන් අවසන් කැර තිබේ. එසේ වුව ද ඔහුගේ දත් යළි නිසිපරිදි සකස් කිරීමට තවත් මාස හයකින් දෙවැනි ශල්‍යකර්මය සිදුකළ යුතුය.

wolf 4 - Copy

wolf 1

wolf 2

wolf 3



අදහස් (0)

විස්මිත සැත්කමකින් කට හදයි

ඉසුරු Tuesday, 22 July 2014 03:51 AM

අනේ පවු! (අ)

:       0       0

හේමන්ත Monday, 21 July 2014 06:51 AM

මෙතරම් කාලයක් නිසි ප්‍රතිකාරයක් කරන්න ප්‍රමාද කිරීම හරිම වැරදියි . මේ පුද්ගලයාට ජීවිතයක් තිබිලා නැහැ වගෙයි. (නි)

:       0       0

නුවන් Tuesday, 22 July 2014 12:22 PM

ඇයි මේවා මෙහෙම වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ විතරයි හරියට තේරුම් කරලා දුන්නේ (නි)

:       0       0

ජයත් Tuesday, 22 July 2014 06:38 AM

අපේ සමහර අයගෙ කටවල් ටික හැදුවොත් නරකද මම අහන්නේ ! (අ)

:       0       0

සුනිල් Wednesday, 23 July 2014 09:32 PM

අපේ රටේ සමහර දේශපාලකයන්ටත් මේ සැත්කම කළා නම් හොඳයි කියලා හිතෙනවා (නි)

:       0       0

සේරම් Tuesday, 22 July 2014 07:22 AM

ලංකාව මීට වඩා ගොඩක් ඉදිරියෙන් , මේ වගේ සිදුවීම්ව්කදී සෞක්‍ය බලධාරීන් කොයිතරම් කැපකිරීම් කරනවද .(අ)

:       0       0

සංජීව Monday, 21 July 2014 10:54 PM

පේනවා නේද ජීවිතයේ අනිත්‍යය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site