මාරාන්තික ඒඩ්ස් වෛරසයෙන් පිළිකා සෛල විනාශ කරවන විසෙන් විස නසන ප්‍රතිකාර ක්‍රමයක් සොයාගැනීමට ඇමරිකා වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

මේ ප්‍රතිකාර ක්‍රමය ලේ පිළිකාවෙන් (ලියුකේමියාවෙන්) පෙළෙන රෝගීන් 30 දෙනෙකුට පමණ මේ වන විට යොදාගෙන තිබෙන අතර ඔවුන් සියලූ දෙනාම සම්පූර්ණයෙන්ම සුවය ලබාද ඇත.

ඒඩ්ස් වෛරසයෙන් ලියුකේමියාව ඇති කරවන පිළිකා සෛල විනාශ කළ හැකියැයි මුලින්ම අනාවරණය වූයේ 2006 තරම් ඈත සමයකදීය.එදවස මෙම ප්‍රතිකාර ක්‍රමය පර්යේෂණ මට්ටමේ තිබුණු හෙයින් එයට වැඩි අවධානයක් යොමු නොවුනි.

නමුත් එය අනුසාරයෙන් වැඩිදුර පරීක්ෂණ කර තිබෙන මෙම ඇමරිකා පර්යේෂකයින්ගේ උත්සාහය නිසා අද දිනයේ එය සැක නොමැතිව ලියුකේමියා රෝගීන් සුවපත් කළ හැකි ක්‍රමයක් ලෙස යොදා ගැනීමට තරම් ප්‍රගතියක් ලබා ඇත.

මෙම ප්‍රතිකාර ක්‍රමයේදී මුලින්ම රෝගියාගේ සිරුරින් ‘‘ටී‘‘ සෛල ලක්ෂ ගණනක් ලබාගැනේ.අනතුරුව සිදුවන්නේ සැර බාල කරන ලද ඒඩ්ස් වෛරස එම සෛල වලට ඇතුල් කිරීමයි.

මෙසේ වැඩිදියුණු කරන ලද සෛලයන් නැවත වරක් රෝගියාගේ සිරුරට ඇතුල් කිරීම අවසාන පියවරයි.

එයින් පසු මාස කිහිපයක් ගතවීමේදී ලියුකේමියා කාරක පිළිකා සෛලයන් සම්පූර්ණයෙන්ම විනාශව යන බවත් එඩ්ස් වෛරසය ආසාදනය කරන ලද සෛලයන්ද ඒහාම විනාශ වන බවත් පර්යේෂකයින් කියයි.

සැර බාල කරන ලද ඒඩ්ස් වෛරසය ගැනද සඳහනක් කරන ඔවුන් වෛරසය එසේ හඳුන්වන්නේ එහි ආක්‍රමණශීලී හැකියාව පහත බස්වා තිඛෙන නිසා බව පවසයි.මෙනිසා මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් ඒඩ්ස් වැළදෙනු ඇතැයි අනියත බියක් ඇතිකරගත යුතු නැතැයි ඔවුන් සහතික වේ.

ආක්‍රමණශීලී හැකියාව පහත බස්වා ඇතත් මෙම ඒඩ්ස් වෛරසයට එහි ජාන වෙනත් සෛලයන්ට එක් කරවීමේ හැකියාව ඇත.පර්යේෂකයින් තම වාසියට භාවිතා කර ඇත්තේද ඒඩ්ස් වෛරසය සතුවන මේ හැකියාවයි.

ලියුකේමියාකාරක පිළිකා සෛල වලට මෙම ජානයන් එක් වූ පසු ඒවායේ ක්‍රියාකාරීත්වය නැවතී විනාශව යන බව පැවසේ.

ලියුකේමියාව හැරෙන්නට වෙනත් පිළිකා මර්දනය කිරීමට මෙම ප්‍රතිකාර ක්‍රමය යොදාගත හැකිදැයි සොයාබැලීම පර්යේෂක පිරිසගේ මීළග ඉලක්කය වී ඇත.

1415755878276_Image_galleryImage_Young_father_cured_of_can 1415756408959_Image_galleryImage_A_Utah_man_s_leukemia_is_ 1415756504824_wps_48_Emily_Whitehead_cancer_ba