'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් දින 90 ක් ඇතුළත තමන්ට ලබා දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, එරට සී.අයි.ඒ ඇතුළු බුද්ධි අංශ ප්‍රධානීන්ට පවසා ඇත.
'කොවිඩ් 19' වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ වූහාන් නුවරිනි. වූහාන් නුවර, චීන රජයට අයත් වයිරස රසායනාගාරයක් ද පිහිටා තිබේ.
මෙය ආසියාවේ විශාලතම වයිරස බැංකුව ලෙස ද හැඳින්වෙයි. කොරෝනා වයිරස රැසක් මෙම රසායනාගාරයේ ගබඩා කර ඇත්තේ පර්යේෂණ සඳහාය.
එසේ පර්යේෂණවලට යොදා ගත් වයිරසයක් රසායනාගාරයෙන් කන්දු වී ලොව එය ව්‍යාප්ත වන්න ඇති බවට ඇමෙරිකන් බුද්ධි අංශ මීට පෙර අවස්ථා කීපයකදී අනාවරණය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය වූහාන් යැවූ විශේෂ විමර්ශන කණ්ඩායම මෙම රසායනාගාරය පරීක්ෂාවට ලක් කළත්, ඔවුන්ට පැහැදිලි සාක්ෂි කිසිවක් ලැබුණේ නැත.
කෙසේ නමුත් පසුගිය දා යළිත් බුද්ධි වාර්තා එළියට ආවේ වූහාන් නුවරින් කොරෝනා වයිරස ව්‍යාප්තිය ආරම්භයට පෙර, වූහාන් රසායනාගාරයේ වෛද්‍ය පර්යේෂකයන් කීප දෙනකු රෝගී වී ප්‍රතිකාර ලැබූ බවටය.
'කොවිඩ් 19' වයිරසයේ සුලමුල ගැන තවමන්ට පැහැදිලි වාර්තාවක් අවශ්‍ය බව ඇමෙරිකන් ජනාධිපතිවරයා එරට බුද්ධි අංශවලින් ඉල්ලා සිටියේ මෙම සිදුවීම සැලවීම මුල්කොට ගනිමින් යැයි විදෙස් පුවත් සේවා පැහැදිලි කරයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2364
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසංගතයේ සුලමුල ගැන කඩිනමින් වාර්තාවක් ඕනෑ - බයිඩන්
Sri Lanka Thursday, 27 May 2021 09:00 PM
අන්න එහෙම තමයි ඉන්න ඕන. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් මේක ජාත්‍යන්තර ගේමක්.