IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


වසංගතයේ අවසානයක් පෙනෙන තෙක් මානයක නෑ - ඉතාලිය

 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ අවසානයක් පෙනෙන තෙක් මානයක නැතැයි ඉතාලි සෞඛ්‍ය අංශ පවසයි.

ඉතාලි සෞඛ්‍ය අංශ මෙසේ පැවැසුවේ, කොරෝනා වසංගත එරට ආක්‍රමණය කළ වසරක් ගතවෙද්දීය. පසුගිය වසරේ මාර්තු වන විට ඉතාලියේ නන්දෙසින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන තිබුණි.

චීනයෙන් පසු විදේශයකින් වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වීමට පටන් ගත්තේ ඉතාලියෙනි. කෙසේ නමුත් මේ වනවිට ඇමෙරිකාව, බ්‍රසීලය සහ ඉන්දියාව ආසාදිතයන් සහ මරණ අතින් ඉතාලිය අභිබවා තිබේ.

‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් සිදුවුණු ආර්ථික සහ සමාජීය බලපෑම අතිමහත යැයි පැවැසෙයි. වසංගතය හේතුවෙන් රැකියා අහිමි වී අසරණ වූ පිරිස් බොහොමයකි.

මේ වනවිට යළිත් වරක් ඉතාලියෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන තිබේ. ඉතාලි සෞඛ්‍ය අංශ පවසන්නේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වුවත් ආසාදිතයන්ගේ අඩුවක් නැති බවය.

ඒ අනුව, මේ වනවිට ඉතාලිය තෙවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙමින් සිටී.

සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව, ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගිගේ නව රජය මේ වනවිට ඉතාලිය ලොක්ඩවුන් කරමින් සංචරණ සීමා පනවා අවසන්ය.

වයිරස වසංගතය හමුවේ නව ආර්ථික සැලැසුම් ඉදිරිපත් කිරීමට අග්‍රාමාක්‍යවරයා ප්‍රතිඥා දී ඇති නමුත්, දිවුරුම් දීමෙන් පසු මාරියෝ ඩ්‍රාගි ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකී සිටින බවට ඉතාලි වැසියෝ චෝදනා කරයි.

මේ වනවිට ඉතාලියෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 3,306,711 කි. මරණ වාර්තා වන්නේ 103,855 ක් ලෙසය.

(රොයිටර්)



අදහස් (0)

වසංගතයේ අවසානයක් පෙනෙන තෙක් මානයක නෑ - ඉතාලිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site