හෘදය හා පෙනහලූ සම්බන්ධ කෙරෙන රුධිර නාළ ඉතා අසාමාන්‍ය ලෙස පිහිටා තිබීම නිසාවෙන් ජීවිතයත් මරණයක් අතර සටනක නිරතව සිටි කුඩා බිළිදියකගේ ජීවිතය විශ්මිත සැත්කම් දෙකකින් පසු බේරා ගැනීමට බි‍්‍රතාන්‍ය වෛද්‍යවරු පිරිසක් සමත්වූහ.
චෝල් බෙනට් ලෙස නම් තබා ඇති මේ බිළිඳියගේ වයස දැන් යන්තම් සති දෙකකි.මේ සති දෙකට ඇය බරපතල ගණයේ සැත්කම් දෙකකට මුහුණදී ඇත්තීය.
ඇයගේ මව වන ස්ටෙෆනි බෙනට් පවසන්නේ දරුවා ලැබීමට සති 20 කට පෙර සිදුකෙරුණු පරිලෝකන පරීක්ෂාවේදී දරුවාගේ හෘදයේ අසාමාන්‍ය පිහිටීමක් ඇති බව හදුනාගැනීමට වෛද්‍යවරුන්ට හැකිවූ බවයි
‘‘ඔවුන් කීවා දරුවාගේ හෘදයට පෙනහලූ වලින් රුධිරය සපයන නාළ සම්බන්ධ වෙලා තියෙන ආකාරයේ වැරැද්දක් තියෙනවා කියලා.ඒ කියන්නේ දරුවාගේ රුධිරය එක්ක ඔක්සිජන් මිශ‍්‍ර වන්නේ නැහැ කියලා ඔවුන් පැවසුවා.ඒ කතාව අහපුවම මගේ ලෝකයම කඩා වැටුණා වගෙයි දැනුනේ‘‘ ඇය කියන්නීය.
කෙසේනමුත් උත්සාහය අතහැරීමට කටයුතු කළේ වෛද්‍ය පිරිස නම් නොවේ.දරුවා ඉපැදුනු විගස ඇයගේ තත්ත්වය තාවකාලිකව මගහැරවීමට සැත්කමක් සිදුකිරීමට ඔවුහු සූදානමින් සිටියහ.
උපත ලබා පැය 3 ක් ගතවීමට මත්තෙන් කුඩා චෝල් තම පළමු සැත්කමට මුහුණ දුන්නාය.ඇයගේ රුධිරය හා ඔක්සිජන් මිශ‍්‍ර කරවීම සදහා වෛද්‍යවරු ඇයගේ නාභියේ සිට හෘදය දක්වා බටයක් ඇතුලූ කළහ.එම බටය ආධාරයෙන් ඇයගේ රුධිරය හා ඔක්සිජන් මුසු කිරීම සිදුකෙරුණි.
‘‘මට දරුවාව අතේ තියාගන්න ලැබුණේ තත්පර ගණනයි.ඔවුන් අය මාගෙන් ඉවතට රැගෙන ගියා.පස්සේ මම සනීප වෙලා ඇයව බලන්න ගියාම මට දකින්න හැකිවුනේ බට ගොඩක් සිරුරට එහෙන් මෙහෙන් සවිකරලා තිබුණු මගේ කුඩා චෝල්ව.නමුත් ඇය ජීවතුන් අතර සිටියේ.මම දෙවියන් යැද්දා ඇයට කිසිත් අනතුරක් නොවන ලෙසට.‘‘ මව වන ස්ටෙෆනි පවසන්නීය.
මෙම තාවකාලික ක‍්‍රමය ආධාරයෙන් චෝල්ව ජීවතුන් අතර තබාගැනීමට වෛද්‍යවරු සමත්වූහ.ඇය ඉපිද දවස් 7 ක් ගතවූ තැන දෙවන සැත්කමද ඔවුහු සිදුකළහ.
‘‘ඒ සැරේ කළේ ඇයගේ හෘදයේ සිට පෙනහලූවලට හරි විදිහට සම්බන්ධ වෙලා නොතිබුණු රුධිර නාළ ටික සම්බන්ධ කරන එක.ඇයගේ හෘදය කෙතරම් කුඩාද කියනවාවනම් ඒක පෙනුනේ ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ.දෙවියන්ගේ පිහිටෙන් සැත්කම සාර්ථක වුනා‘‘ ස්ටෙෆනිගේ මුහුණේ සතුට ඉතිරේ.
දැන් චෝල් සිටින්නේ ඇයගේ නිවහනේය.ඇයගේ සොහොයුරන් දෙදෙනා හා සොහොයුරිය ඇයව හොදින් රැකබලා ගන්නෝය.
‘‘ඇයට සැත්කමක් කරලා කියලා සාක්කියකට තියෙන්නේ ඇයගේ ළැමේ තියෙන කැළල විතරයි.ඇය අපට කිසිම අයුරකින් කරදර කරන්නේ නැහැ.ඇය නිතරම සිනාවෙන් තමයි ඉන්නේ‘‘ තම දියණිය තුරුලූ කරගනිමින් ස්ටෙෆනි පවසන්නීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩ් බ්ලෙස් (නදී)
මොනවද මේ නිම්මි කියල තියෙන්නේ. ඒ පුංචි දරුවට ඉක්මන් සුවය ලැබේවා! කිසිම අයුරකින් කිසිම කරදරයක් නොවී හොදින් ලොකු මහත් වෙන්න චුටි දු පැටියෝ. (නදී)
මට තේරෙන්නේ නැහැ කොහොමද එක වෙලාවක දොස්තර දෙවිවරු එක පාරටම පල් හොරු කියල සමහරු කමෙන්ට් දමන්නේ කියලා. දොස්තරලගේ අගය දැනෙන්නේ තමන්ටත් ඔය වගේ දෙයක් උනහම තමා. පින් සිද්ද වේවි දොස්තරලට ගරහන්නත් එපා ප්‍රශස්ති කියන්නත් එපා (නදී)
ඔබට දීර්ගායුෂ ලැබේවා දුවේ. (නදී)
ඔයාට නිවන් සුව ලැබේවා (නදී)
මේ චූටි පැටියට ඉක්ක්මනට සුවය ලැබෙන්න ඕනේ. (ස)
පුතේ ඔබට ඉක්මන් සුවය ලැබේවා (දිල්)
පෙර ආත්මයක ලැබුණු පිනත් මිහිපිට සිටින දෙවිවරුන්න්ගේ කැපවීමත් ඒ දෙමාපියන්ගේ තියන වසනා බලයත් එකට හමුවුණ සුන්දර මොහොතක ප්‍රතිපලයක් ....ඔබට දීර්ඝයුවේව දුවේ..(අ)
ඔබට මේ ලෝකයේ වැඩ සිටින දෙවියන්ගේ පිහිට ලැබේවා! (අ)
මොනතරම් බැරෑරුම් ශල්‍යකර්මයක් වෙන්න ඇද්ද?වෛද්‍ය විද්‍යාව තව තවත් දියුණු වේවා! (නි)
නිරෝගී සුවය සමඟින් ඉක්මනට ලොකුවෙන්න චුටියෝ. ඔයාට තෙරුවන් සරණයි ..! (නි)
මේ පොඩ්ඩාට ඉක්මන් සුවය ලැබේවා! (නි)