IMG-LOGO

වීසා ගන්න ගිය 11 ක් මරුට

 

ඇෆ්ගනිස්ථානයේ ජලලබාද් නගරයේ ක්‍රීඩාංගනයක වීසා අයදුම්කරුවන් පිරිසක් අතර ඇතිවූ කලබලයක් හේතුවෙන් කාන්තාවන් 11 දෙනෙකු මියගොස් තවත් බොහෝදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 

පාකිස්ථානයට ගමන්කිරීමට වීසා ඉල්ලුම් කළ දහස් ගණනක පිරිස ක්‍රීඩාංගනයට එක්රැස් වීමෙන් පසු මෙම කලබලය ඇතිවී තිබේ.

ජලලබාද් නගරයේ සාමාන්‍යයෙන් වීසා නිකුත් කරන මධ්‍යස්ථානයට පැමිණි එම පිරිස පකිස්ථාන කොන්සල් කාර්යාලය විසින් පාපන්දු ක්‍රීඩාංගනයකට හරවා යවා ඇත.

දස දහස් සංඛ්‍යාත ජනතාවක් පාපන්දු ක්‍රීඩාංගනයට එක්රැස් වී ඇති අතර එහිදී තෙරපීම හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

කොරෝනා පැතිරීමෙන් මාස හතකට පසුව පකිස්ථානයට වීසා ලබාදීම ආරම්භ වී තිබේ. බොහෝ ඇෆ්ගනිස්ථාන වැසියන් , ඥාතීන් හමුවීමට, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට, රැකියා සොයා ගැනීමට හෝ ඇෆ්ගනිස්ථානයේ ප්‍රචණ්ඩත්වයෙන් මිදීමට සෑම වසරකම අසල්වැසි පාකිස්ථානයට ගමන් කරති.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

වීසා ගන්න ගිය 11 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site