වස මිශ‍්‍රව තිබූ කැවිලි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පකිස්තානයේ පුද්ගලයින් 23 දෙනකු මියගොස් 50 කට ආසන්න ප‍්‍රමාණයක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
පකිස්තානයේ මධ්‍යම ප‍්‍රදේශයේ රසකැවිලි අලෙවිසැලකින් මෙම කැවිලි වර්ගය අලෙවි කර තිබෙන බව අනාවරණයව තිබෙන අතර එහි හිමිකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
රසකැවිලි අලෙවිසැලට යාබදව පිහිටා ඇත්තේ කෘමිනාශක අලෙවිසැලක් වන අතර පොලිස් පරීක්ෂණ වලින් සොයාගෙන ඇති ආකාරයට අලූත්වැඩියා කටයුතු සිදුවන බැවින් එහි හිමිකරු සාප්පුව වසා , එහි තිබුණු කෘමිනාශක සියල්ල ගබඩා කර තබා ඇත්තේ රසකැවිලි අලෙවිසලේය.ඒ වෙළඳුන් දෙදෙන අතර පැවති මිත‍්‍රත්වය නිසාය.
කුමන හෝ ආකාරයකින් මෙවන් කෘමිනාශකයක් රසකැවිලි අලෙවිසැල් හිමියා අතින් ආහාර වලට මිශ‍්‍ර වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් අතරින් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd