ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අවම වශයෙන් පුද්ගලයන් 29 දෙනකු විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් මියගොස් ඇතැයි ඉන්දියා පොලිසිය කියයි. ලක්නව් හා උන්නාවෝ පෙදෙස්වල පිරිසක් මෙලෙස මියගොස් සිටිති. සියයකට වැඩි පිරිසක් රෝහල්ගත කැර ඇත.
රෝහල් ආරංචිමාර්ග පවසන්නේ මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බවයි. මෙවැනි මරණ ඉන්දියාවේ නිතර නිතර සිදුවේ. ඉන්දියාවේ සාදන සම්ප්‍රදායික මත්පැන් පානය මරණයට අතවැනීමක් බව ද ඉන්දීය බලධාරීන් පවසයි. ඉන්දියාවේ ක්‍රිකට් තරඟයක් නරඹමින් සිටි 200ක පමණ පිරිසක් මෙලෙස මත්පැන් පානය කැර ඇති බවත් ඔවුන්ට මත්ද්‍රව්‍ය විකුණූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි. ඔහු මත්පැන් සෑදූ ස්ථානයේ විවිධ රසායනික ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ගොඩගසා තිබී ඇත. ඒවායේ සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇත.
වෛද්‍යවරු පවසන්නේ මීතේන් කාණ්ඩයේ මෙතිල් ඇල්කොහොල් වර්ගයක් පානය කළ විට දක්නට ලැබෙන රෝග ලක්ෂණ මේ රෝගීන්ගෙන් ප්‍රදර්ශනය වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවටත් මේවා එනවා නම් මම සතුටුයි. මොන එහෙකටද මේ ජරාව බොන්නේ? (නි)