
හදිසි ‘ජී7’ සමුළුවක්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ, රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු නගර ඉලක්ක කර ගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.
‘ජී7’ යනු ආර්ථික වශයෙන් ලොව බලවත් රාජ්‍යයන්ය. ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, ජපානය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනි සහ කැනඩාව ‘ජී7’ සාමාජිකයන්ය. 2014 වෙද්දී, රුසියාව ද ‘ජී7’ කණ්ඩායමේ සාමාජිකයකු වී සිටි නමුත් ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් රුසියාව ‘ජී7’ හවුලෙන් ඉවත් කෙරුණි. එසේ වූයේ රුසියාව, යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය අත්පත් කර ගැනීම නිසාය.
අද (11) පැවැති හදිසි ‘ජී7’ සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය. ඒ, කීව් අගනුවර සිටය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd