
විපක්ෂයේ බලපෑම් මැද, ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බවත්, විපක්ෂය තමන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංගයට බිය නොවන බවත්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා තිබේ.
‘කිසිම හේතුවක් නිසා මා ඉල්ලා අස්වෙන්නේ නැහැ. එසේ ඉල්ලා අස්වීමට මට අවශ්‍යතාවක් නැහැ. මා විශ්වාසභංගයට බය නැහැ. මා ළඟ තියෙනවා තුරුම්පු කීපයක්. නියම වේලාවට මා ඒවා එළියට දානවා’ යැයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවලිය එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ සූදානමින් සිටී. පසුගිය දින කීපය පුරාවට වන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ පමණක් නොව, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාලක ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයේ ඇතැම් කරැලිකාර මන්ත්‍රීන්වරුන් පවා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට බලපෑම් කර ඇත්තේ වහා ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසය. විපක්ෂයේ විශ්වාසභංගයට සහාය පළ කරමින්, අග්‍රාමාත්‍ය ඉම්රාන්ට එරෙහිව ඡන්දය ලබා දෙන බව එම කැරැලිකාර මන්ත්‍රීවරුන් පවසා තිබේ.
පාකිස්තානය දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. එරට ඉන්ධන, ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පමණක් නොව, විදුලි බිල ද ඉහවහා ගොස් ඇත. ‘පාකිස්තාන ජනතා පක්ෂය’ චෝදනා කරන්නේ පාකිස්තානය වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදයේ වගකීම අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බාරගත යුතු බවය.
‘පාකිස්තාන ජනතා පක්ෂය’ට නායකත්වය දෙන්නේ ඝාතනයට ලක් වුණු හිටපු අග්‍රාමාත්‍යවරියක වන බෙනාසීර් භූතෝගේ පුත්‍රයා 33 හැවිරිදි බිලාවල් භූතෝ සර්දාරි ය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විශ්වාසභංගයට බය නෑ: ඉල්ලා අස්වෙන්නෙත් නෑ