
විපක්ෂයේ බලපෑම් මැද, ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බවත්, විපක්ෂය තමන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංගයට බිය නොවන බවත්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා තිබේ.
‘කිසිම හේතුවක් නිසා මා ඉල්ලා අස්වෙන්නේ නැහැ. එසේ ඉල්ලා අස්වීමට මට අවශ්‍යතාවක් නැහැ. මා විශ්වාසභංගයට බය නැහැ. මා ළඟ තියෙනවා තුරුම්පු කීපයක්. නියම වේලාවට මා ඒවා එළියට දානවා’ යැයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවලිය එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ සූදානමින් සිටී. පසුගිය දින කීපය පුරාවට වන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ පමණක් නොව, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාලක ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයේ ඇතැම් කරැලිකාර මන්ත්‍රීන්වරුන් පවා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට බලපෑම් කර ඇත්තේ වහා ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසය. විපක්ෂයේ විශ්වාසභංගයට සහාය පළ කරමින්, අග්‍රාමාත්‍ය ඉම්රාන්ට එරෙහිව ඡන්දය ලබා දෙන බව එම කැරැලිකාර මන්ත්‍රීවරුන් පවසා තිබේ.
පාකිස්තානය දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. එරට ඉන්ධන, ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පමණක් නොව, විදුලි බිල ද ඉහවහා ගොස් ඇත. ‘පාකිස්තාන ජනතා පක්ෂය’ චෝදනා කරන්නේ පාකිස්තානය වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදයේ වගකීම අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බාරගත යුතු බවය.
‘පාකිස්තාන ජනතා පක්ෂය’ට නායකත්වය දෙන්නේ ඝාතනයට ලක් වුණු හිටපු අග්‍රාමාත්‍යවරියක වන බෙනාසීර් භූතෝගේ පුත්‍රයා 33 හැවිරිදි බිලාවල් භූතෝ සර්දාරි ය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd