සූර්යයන් ට්‍රිලියන 300 කින් සමන්විත අතිශය දීප්තිමත් මන්දාකිණියක් සොයාගත් බව තාරකා විද්‍යාඥයෝ කියති. එය මෙතෙක් සොයාගත් වඩාත් දීප්තිමත්ම මන්දාකිණිය බව ද ඔවුහු කියති.

වයි ජේ 224607.57-052635.0 ලෙස නම්කැර ඇති මෙය වඩාත් අභිරහස් මන්දාකිණියක් බවත් එය දිප්තිමත් අධෝරක්ත කිරණ සහිත බවත් විද්‍යාඥයෝ විශ්වාස කරති. එසේ වුව ද එහි මධ්‍යෙය් දිගින් දිගටම විශාල වෙමින් පවතින කළු කුහරයක් ඇති බවත් එහි ක්‍රියාවලිය පුදුම සහගත බවත් පර්යේෂකයෝ කියති.

ඇමරිකා අභ්‍යාකාශ පර්යේෂණ ආයතනය හෙවත් නාසා ආයතනයේ වයිස් නම් දුරේක්ෂය උපයෝගී කරගෙන මේ සොයා ගැනීම සිදුකැරිණි.

අතිවිශාල කළු කුහරය මගින් ගෑස් ආකර්ශනය කරගන්නා බවත් එහි වටේ මඩලයක් පවතින බවත් තාරකා විද්‍යාඥයන්ගේ මතයයි. රත්වී ඇති මඩලය මගින් අංශක දසලක්ෂ ගණනක උෂ්ණත්වයක් නිපදවයි. ඉන් අතිවිශාල ශක්තියක් මුදහරියි. විද්‍යාඥයන් පවසන්නේ මෙය පියවි ඇසට ද පෙනෙන බබවයි. එය පාරජම්බුල කිරණ සහ එක්ස්රේ කිරණ නිකුත් කිරීම ද විශේෂත්වයකි.