
ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරවලට විරෝධය පළ කරමින්, එම ප්‍රහාර වහා නැවැත්විය යුතු යැයි ඊශ්‍රායල රජයටත්, බයිඩන් පරිපාලනයටත් බල කරමින්, ඇමෙරිකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල රැසක විරෝධතා පැවැත්වෙයි.
විරෝධතා ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් 18 වැනිදා සිටය. ඇමෙරිකන් මාධ්‍ය ඊයේ (28) වාර්තා කළේ, විරෝධතා පවත්වමින්, කලහකාරීව හැසිරුණු විශ්ව විද්‍යාල සිසුන් 900 ක පිරිසක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවය. මේ වනවිට, යුරෝපා රටවල විශ්ව විද්‍යාලවල ද ඊශ්‍රායල විරෝධී විරෝධතා ව්‍යාප්තවී ඇතැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd