මෙවර විශ්ව රූ රැජිණ මිස් කොළොම්බියා කිරුළ හිමිකරගත් යුවතිය ලෙස තමන් තවමත් විශ්වාස කරන බව කොළොම්බියාවේ ජනපති ජුවාන් මැනුවෙල් සැන්තෝස් පවසයි.
අවසන් මහා තරගයේදී විශ්ව රූ රැජිණ කිරුළ කොළොම්බියාවට හිමිවූ බව නිවේදකයා වැරදීමකින් පැවසීමෙන් පසු ඇයට ඔටුන්න පළඳවනු ලැබූ අතර පසුව නිවේදකයා ඒ බව වැරදීමකින් සිදුවූවක් බවත් නියම ජයග්‍රාහිකාව පිලිපීන තරුණිය බවත් සඳහන් කිරීමෙන් පසු ඇයට කිරුළ ලබාදීමට සංවිධායක මණ්ඩලය තීරණය කළේය.
කොළොම්බියාව නියෝජනය කළ අරියාද්නා ගුෂාරිස්ට විශ්ව රූ රැජිණ කිරුළ හිමිවී එසැණින් එය අහිමිවීමෙන් තමා දැඩි කම්පනයට පත්වූ බවත් ජනපති කියයි. නමුත් තමන් තවමත් විශ්වාස කරන්නේ කිරුළේ හිමිකාරිය ඇය බවයි යනුවෙන්ද ජනපතිවරයා එරට ගුවන්විදුලියකට ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත.
තමාට අනුව ඇය තවමත් විශ්ව රූ රැජිණ බවත් ඔවුන් ඇයට හිමි ඔටුන්න පැළඳූ අතර ඒ සමග ඡායාරූප ගත් බවත් ඒවා ඊට සාක්කි සපයන බවත් ජනපති සැන්තෝස් පවසයි.
නිවේදකයා තම වරද නිවැරදි කරමින් විශ්ව රූ රැජිණ කිරුළ පිලිපීනයේ පියා අලොන්සෝ වුර්ස්බැච්ට ලබාදුන් නමුත් කොළොම්බියාවේ රූ රැජිණ විශිෂ්ට පෙනුමක් ඇත්තියක බවත්, නිවේදකයා එය වැරදීමකින් සඳහන් කළ බව පැවසීමෙන් තමන් දැඩි දොම්නසට පත්වූ බවත් කොළොම්බියා ජනපති පවසයි. ගිය වසරේ විශ්ව රූ රැජිණ කිරුළ හිමිකරගත්තේද කොළොම්බියාවයි. 2014 වසරේ එම කිරුළ දිනූ පවුලිනා වේගාගේ ජයග්‍රහණය පොදුවේ රටවැසියන් සමග සැමරීමට ද ජනපති සැන්ටෝස් එක්විය.
2025 නොවැම්බර් මස 04
518
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2251
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විශ්ව රූ රැජිණ හබයට කොළොම්බියා ජනපතිගේ අප්‍රසාදය
දිසා Wednesday, 23 December 2015 09:36 PM
ඔය නිවේදකයා ලංකාවෙද. මොකද මෙහෙ අයටත් ජනාධිපති තුමාගේ නම කියන කොට පැටලෙනවා. (ස)