මෙවර විශ්ව රූ රැජිණ මිස් කොළොම්බියා කිරුළ හිමිකරගත් යුවතිය ලෙස තමන් තවමත් විශ්වාස කරන බව කොළොම්බියාවේ ජනපති ජුවාන් මැනුවෙල් සැන්තෝස් පවසයි.
අවසන් මහා තරගයේදී විශ්ව රූ රැජිණ කිරුළ කොළොම්බියාවට හිමිවූ බව නිවේදකයා වැරදීමකින් පැවසීමෙන් පසු ඇයට ඔටුන්න පළඳවනු ලැබූ අතර පසුව නිවේදකයා ඒ බව වැරදීමකින් සිදුවූවක් බවත් නියම ජයග්‍රාහිකාව පිලිපීන තරුණිය බවත් සඳහන් කිරීමෙන් පසු ඇයට කිරුළ ලබාදීමට සංවිධායක මණ්ඩලය තීරණය කළේය.
කොළොම්බියාව නියෝජනය කළ අරියාද්නා ගුෂාරිස්ට විශ්ව රූ රැජිණ කිරුළ හිමිවී එසැණින් එය අහිමිවීමෙන් තමා දැඩි කම්පනයට පත්වූ බවත් ජනපති කියයි. නමුත් තමන් තවමත් විශ්වාස කරන්නේ කිරුළේ හිමිකාරිය ඇය බවයි යනුවෙන්ද ජනපතිවරයා එරට ගුවන්විදුලියකට ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත.
තමාට අනුව ඇය තවමත් විශ්ව රූ රැජිණ බවත් ඔවුන් ඇයට හිමි ඔටුන්න පැළඳූ අතර ඒ සමග ඡායාරූප ගත් බවත් ඒවා ඊට සාක්කි සපයන බවත් ජනපති සැන්තෝස් පවසයි.
නිවේදකයා තම වරද නිවැරදි කරමින් විශ්ව රූ රැජිණ කිරුළ පිලිපීනයේ පියා අලොන්සෝ වුර්ස්බැච්ට ලබාදුන් නමුත් කොළොම්බියාවේ රූ රැජිණ විශිෂ්ට පෙනුමක් ඇත්තියක බවත්, නිවේදකයා එය වැරදීමකින් සඳහන් කළ බව පැවසීමෙන් තමන් දැඩි දොම්නසට පත්වූ බවත් කොළොම්බියා ජනපති පවසයි. ගිය වසරේ විශ්ව රූ රැජිණ කිරුළ හිමිකරගත්තේද කොළොම්බියාවයි. 2014 වසරේ එම කිරුළ දිනූ පවුලිනා වේගාගේ ජයග්‍රහණය පොදුවේ රටවැසියන් සමග සැමරීමට ද ජනපති සැන්ටෝස් එක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිවේදකයා ලංකාවෙද. මොකද මෙහෙ අයටත් ජනාධිපති තුමාගේ නම කියන කොට පැටලෙනවා. (ස)