බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ නායකත්වය සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය සඳහා සටන පවතින්නේ එම පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු වන හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ විදේශ ලේකම් (විදේශ අමාත්‍ය) ලිස් ට්‍රස් අතරේය.

රිෂී සුනාක් සහ ලිස් ට්‍රස් සහභාගී වූ සජීවී රූපවාහිනී විවාදයක් බි්‍රතාන්‍ය ‘ද සන්’ මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් පැවැත්විණි. රූපවාහිනී විවාදය මෙහෙයවීම කර නිවේදිකාව වූයේ ජනප්‍රිය මාධ්‍යවේදිනියක ද වන කේට් මැකැන් ය.

රිෂී සුනාක් සහ ලිස් ට්‍රස් අතර විවාදය උණුසුම් වෙද්දී, කේට් මැකැන් හිටිහැටියේ සිහිසුන්ව ඇද වැටුණාය. ‘දෙවියනේ’ යැයි කියමින් ලිස් ට්‍රස් කම්මුලේ අත ගසා ගනිද්දී, රිෂී සුනාක් වහා වෙත ගොස් ඇගේ අතකින් අල්ලා ගනිමින් ඇයට සිදුවුණේ කුමක්දැයි විමසා බැලුවේය.

රූපවාහිනී විවාදය තාවකාලිකව අවසන් වූ අතර මිනිත්තු 45 කට පමණ පසු රිෂී සුනාක් සිය ට්විටර් ගිණුමේ සටහනක් පළ කළේ ‘සුබ ආරංචියක්. කේට් මැකැන් හොඳින්’ යැයි පවසමිනි.

(ද සන් ඇසුරිනි)