කැනඩාවේ යුකොන් අර්ධද්විපයේ දී වලසකුගේ ප්‍රහාරයක් හේතුවෙන් ළදැරියක සහ ඇගේ මව මියගොස් ඇත. 

මාස 10ක් වයසැති මෙම දැරිය සහ ඇගේ තිස්හත් හැවිරිදි මව ඔවුන්ගේ නිවස තුළ මියගොස් සිටියදී හමුවූ බව දැරියගේ පියා පැමිණිලි කර ඇත. 

දඩයම් කිරීම සඳහා බැහැරට ගිය පියා නැවත නිවසට පැමිණෙන විට මොවුන් මියගොස් සිටිනු දක්නට ලැබී තිබේ.

කෙසේ වුවද නිවස ආසන්නයේදි අළු පැහැති වලසකු වෙඩි තබා මරාදැමූ බව පියා පොලිසියට පවසා ඇත.

මෙම වසරේදි අළු පැහැති වලසුන්ගේ ප්‍රහාරයට ලක්වූ හතරවන අවස්ථාව මෙය බව ප්‍රාන්ත බලධාරීහු පවසති.

(බීබිසී ඇසුරිණි - 085)