IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වේල්ස් ප්‍රාන්ත ගුහා ලෝක උරුමයක්

මහා බ්‍රිතාන්‍යයේ වේල්ස් ප්‍රාන්තයේ "බ්‍රේකන් බීකන්" වනෝද්‍යානයේ පිහිටි සුවිසල් ස්වාභාවික ගුහා පද්ධතිය හැඳින්වෙන්නේ "ඩැන් යර් ඔගොෆ්" හෝ "ජාතික භූගත ලෙන් මධ්‍යස්ථානය" යනුවෙනි. මෙහි පොළවට ආසන්න ගුහා තුනක් දැනට සංචාරකයින් සඳහා විවෘත කර ඇත. සම්පුර්ණ ගුහා පද්ධතියේ දිග ප්‍රමාණය කිලෝ මීටර් 17කි.

(සැතපුම් 11 කි) "ඩැන් යර් ඔගොෆ්" යුරෝපයේ පිහිටි විශාලතම ගුහා පද්ධතිය ලෙස නම්කර ඇත.

සංචාරකයින්හට ගුහාවට ඇතුළු වීමට සකස් කර ඇති දොරටුව පිහිටියේ "ඇබග්රාව්" නම්වූ කුඩා ගම්මානය ආසන්නයේය. මෙම භූගත ගුහා පද්ධතිය පිහිටා ඇත්තේ වේල්ස්හි ප්‍රධාන නගරය වන කාර්ඩිෆ් සිට කිලෝ මීටර් 72 ක් (සැතපුම් 45ක්)  දුරින් පිහිටි කඳු වලල්ලකය. 

දැනට එහි විශාල ප්‍රමාණයේ ගුහා දෙකකුත් ආදිවාසීන් ජීවත්වූ කුඩා ගුහාවකුත් සංචාරකයින් සඳහා විවෘතව ඇත.ගුහාව තුළ ලෙහෙසියෙන් ගමන් කළ හැකි අන්දමට පඩි සහිත මාර්ගයක් සකස් කර ඇති අතර තැනින් තැන පිහිටි ස්වභාව ධර්මයාගේ අපුරු නිර්මාණයන් පිළිබඳ විස්තර කෙරෙන හඬපට ඇසීමට සලස්වා ඇත.

එතනින් ඔබ්බට විහිදෙන අති විශාල ගුහා සියල්ල ජාතික වස්තුවක් සහ ලෝක උරුමයක් ලෙස නම්කොට ඇත. 

දැවැන්ත ශාලා සහ කුඩා කුහර මෙන්ම දිය අගල් පසුකර ඝන අඳුරේ පිවිසීමට සිදුවන අති දුෂ්කර ගමන් මාර්ගයන් ගෙන් යුතු මෙම ගුහාවන්ට ඇතුලු වීමට අවසර ලබාගත හැක්කේ භූගත ගුහා තුළ ඇවිද පළපුරුද්දක් ඇති අයට සහ භූ විද්‍යා පරීක්ෂණ කණ්ඩායම් වලට පමණකි.මෙහි ඇති ආදිවාසින් ජීවත්වූ කුඩා බින් ගෙයක තිබී මිනිස් ඇටසැකිලි 42ක් සහ විවිධ සතුන්ගේ ඇටකටු විශාල ප්‍රමාණයක් හමුවී ඇත.


මෑත කාලයේදී ප්‍රථම වතාවට මෙම ගුහාව සොයාගෙන ඇත්තේ 1912 දී බව වාර්තාවෙයි. ගුහා දොරටුව ආසන්න ගමේ ජීවත්වූ ටොමි සහ ජෙෆ්රි මෝගන් නම්වූ සොහොයුරන් දෙදෙනෙකු ඉටිපන්දම් සහ සරල උපකරණ කිහිපයක් පමණක් භාවිතා කරමින් ගුහාව තුළට පිවිස ඇත. ඇතුලෙහි ඇති විශාල විල් තුනක් පසුකර ගමන්කර ඇති ඔවුන් ගුහා පද්ධතියේ මුල් කොටස සොයා ගැනීමට සමත්වූ බව පවසති. කාලයෙන් කාලයට විවිධ කණ්ඩායම් නවීන පන්නයේ ආරක්ෂක උපකරණ යොදා ගනිමින් කළ පරික්ෂණ සහ සොයා ගැනීම් නිසා අද වනවිට මෙම ගුහා පද්ධතියේ ඇති ගමන් කළ හැකි සියලුම බින්ගේවල් සහ ගල් ගුහා සොයා ගැනීමට හැකිවී තිබේ.ගුහාව තුළ තැන් තැන් වල වසර දහස් ගණනක් තිස්සේ ජලය කාන්දුවීමේ හේතුවෙන් නිර්මාණය වී ඇති විශ්මය ජනක "ස්ටැලැක්ටයිට්" නමින් හැඳින්වෙන එල්ලෙන ඛනිජමය හුණුකූරු සහ ඵලක මෙන්ම "ස්ටැලැග්මයිට්" නමින් හැඳින්වෙන කාන්දුවන ජලයෙහි අඩංගු ඛණිජමය ධාතුන් සහ අංගාර මිශ්‍රණ නිසා නිර්මාණය වෙමින් පවතින හිරි ටැඹ රාශියක් දක්නට ඇත. ඒවා විවිධ වර්ණයන්ගෙන් හැඩ තලයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් යුක්තය. 

වතුර බින්දුවෙන් බින්දුව ඇදහැලෙමින් බිහිවෙන මෙම දෙවර්ගයම ඉතාමත් හෙමින් සීරුවේ තවමත් වැඩෙමින් පවතින නිසා ඒවාට සමීප වීමට, කඩා ගැනීමට හෝ අතපත ගෑමට කිසිසේත් අවසර නොමැත.

බොහෝ තැන්වල ජල උල්පත් ඇත. කාලාන්තරයක් තිස්සේ ජලය ගලායාම නිසා ගල්පර ගෙවී ගොස් බිහිවෙන කුහරයන් සෑම  තැනම දක්නට ඇත. තැනෙක දැවැන්ත දිය ඇල්ලකි. තවත් තැනක පිවිතුරු ජලය පිරි සුවිසල් විලකි. මහපොලව යට ඝන අඳුරේ පිහිටි මේ ජලාශයන්හි කුඩා ජලජ ජීවීන් සිටිති. ආලෝකයට නුහුරු නිසා ස්වභාවධර්මයා විසින්ම මෙම සතුන්හට ඇස් ලබාදී නැතිවීම විශේෂත්වයකි.

ගුහාවේ තැනින් තැන විදුලි ආලෝකය සපයා ඇත. ගුහාවේ ජීවත්වූ ආදී වාසීන් පිළිබඳ කිසියම් ඉඟියක් පෙන්නුම් කරන දර්ශන විවිධ තැන්වල සකස් කර ඇත.
ගුහාව අභියස භුමි භාගයේ මෙම පළාත්හි වසර මිලියන 200 කටත් වඩා ඉහතදී ජීවත්වූ යෝධ උරග විශේෂයක් වන ඩයිනසෝර් උරගයන්ගේ අනුරූ 200 කට වඩා ඇතුළත් විශිෂ්ට ප්‍රදර්ශනයක් නිර්මාණය කර ඇත. කඳු බෑවුම අසල නිදැල්ලේ සිටින විවිධ සතුන් ඇතුලත් කුඩා සත්තු වත්තක්ද ඇත.

150902(8) world_150902(1) world_150902(2) world_150902(3) world_150902(4) world_150902(5) world_150902(6) world_150902(7) world_150902(9) world_150902(10) world_150902



අදහස් (0)

වේල්ස් ප්‍රාන්ත ගුහා ලෝක උරුමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1675 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site