IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


විලියම්/කේට් ඇවිත් ගිය පසු රයිනෝසිරස් සතකු වෙඩි තබා මරලා

 බ්‍රිතාන්‍යයේ  විලියම් කුමරු සහ කෙට් කුමරියගේ සංචාරයෙන් පැය කිහිපයකට පසු ඉන්දියාවේ කසිරන්ගා වනෝද්‍යානයේ රයිනෝසිරස් සතකු  ඝාතනය කර ඇති බව  එරට මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම එම සංචාරයට දිනකට පෙර ද එවන් සිද්ධියක් වාර්තා වූ බවට සදහන් ය.

එම රයිනෝසිරස් සත්වයා මැරීමට වෙඩි උණ්ඩ 80ක් පමණ භාවිත කර තිබේ.  එම ස්ථානයේ තිබී ඒ,කේ-47 වර්ගයේ ගිනි අවියක උණ්ඩ කොපු හමු වී ඇත.

කසිරන්ගා වනෝද්‍යානයේ සංචාරයේදී රාජකීය  යුවල රයිනෝ සත්වයන් නැරඹීමට ද ගිය බව සදහන් වේ.

 ඔවුන් දෙදෙනා එම සත්වයන්ට කෑම පවා ලබා දුන් බව වාර්තා වෙයි. එම සත්වයන් ඝාතනය කර ඇත්තේ අං කපාගැනීමට බව නිලධාරීන් සදහන් කරයි.

මෙම සිද්ධිය රාජකීය යුවලගේ ආරක්ෂාව පිළිබද ගැටළුවක් ඇති කරන බව බොහෝ දෙනෙක් කියති.

මෙම ජනවාරියේ සිට එම වනෝද්‍යානයේ මෙවන් සිද්ධි හතක් වාර්තා වී තිබේ.ලෝකයේ වැඩිම දුර්ලබ අං සහිත රයිනෝසිරස් සත්වයන් සිටින වනෝද්‍යානය මෙය බවට එම මාධ්‍ය පවසයි.



අදහස් (0)

විලියම්/කේට් ඇවිත් ගිය පසු රයිනෝසිරස් සතකු වෙඩි තබා මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site