බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කෙට් කුමරියගේ සංචාරයෙන් පැය කිහිපයකට පසු ඉන්දියාවේ කසිරන්ගා වනෝද්‍යානයේ රයිනෝසිරස් සතකු ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම එම සංචාරයට දිනකට පෙර ද එවන් සිද්ධියක් වාර්තා වූ බවට සදහන් ය.
එම රයිනෝසිරස් සත්වයා මැරීමට වෙඩි උණ්ඩ 80ක් පමණ භාවිත කර තිබේ. එම ස්ථානයේ තිබී ඒ,කේ-47 වර්ගයේ ගිනි අවියක උණ්ඩ කොපු හමු වී ඇත.
කසිරන්ගා වනෝද්‍යානයේ සංචාරයේදී රාජකීය යුවල රයිනෝ සත්වයන් නැරඹීමට ද ගිය බව සදහන් වේ.
ඔවුන් දෙදෙනා එම සත්වයන්ට කෑම පවා ලබා දුන් බව වාර්තා වෙයි. එම සත්වයන් ඝාතනය කර ඇත්තේ අං කපාගැනීමට බව නිලධාරීන් සදහන් කරයි.
මෙම සිද්ධිය රාජකීය යුවලගේ ආරක්ෂාව පිළිබද ගැටළුවක් ඇති කරන බව බොහෝ දෙනෙක් කියති.
මෙම ජනවාරියේ සිට එම වනෝද්‍යානයේ මෙවන් සිද්ධි හතක් වාර්තා වී තිබේ.ලෝකයේ වැඩිම දුර්ලබ අං සහිත රයිනෝසිරස් සත්වයන් සිටින වනෝද්‍යානය මෙය බවට එම මාධ්‍ය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd