ඉන්දියාවේ දී උපන් දරුවකුගේ පසු පස සෙන්ටිමීටර 12ක පමණ වලිගයක් වැනි කොටසක් දක්නට ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරුන් පවසන්නේ මෙය එම දරුවා මවුකුස වැඩෙද්දී වැඩුණු වෙනත් කළලයක කොටසක් බවයි.
පැය හතරක සැත්කමකින් පසු වෛද්‍යවරු එය ඉවත් කළහ. ග්‍රෑම් 350ක බරින් යුතු එය ඉවත් නොකළා නම් පිළිකාවක් ලෙස වර්ධනය වීමට ඉඩ තිබූ බව ද වෛද්‍යවරුන්ගේ අදහසයි.
දරුවාට උපත ලබා දුන් 30 හැවිරිදි ජම්නිබාන් පටෙල් පවසන්නේ මෙය දුටු විට තමන් විස්මයට පත්වූ බවයි.
මව වැඩිදුරටත් මෙසේ ද කියා ඇත.
‘‘ එය පුදුම සහගත දෙයක්. හනුමන් දෙවියාගේ වලිගය හා සමානයි. ඒත් මා ගොඩක් දුක් වුණා. මෙය ඉතා ඉක්මණින් ඉවත්කිරීමට අවශ්‍ය වුණා. “
මේ හනුමන් දෙවියන්ගේ නැවත උත්පත්තියක් විය හැකියැයි ඥාතීන් හා අසල්වාසීන් අර්ථ ගන්වා ඇත. ඒ මතය කෙසේ වෙතත් මවට හා පියාට අවශ්‍ය වී ඇත්තේ දරුවාගේ විරූපී ස්වභාවය ඉක්මණින් නැතිකැර දැමීමයි. මෙවැනි විකෘත්ති ඇති දරුවන් ඉන්දියාවේ හා අප්‍රිකාවේ සුලබව උපත ලබන බව වෛද්‍ය මතය වී ඇත.
මෙවැනි වලිගයක් සහිතව උපත ලැබූ දරුවකු ඉන්දියාවේ වැදුම් පිදුම් ලබමින් ජීවත්වෙයි. 12 වැනි වියේ පසුවන මේ දරුවා උතුරු ඉන්දියාවේ චන්දිගාර්හි දේවස්ථානයක සිටින අතර ඔහුගේ වළිගයේ දිග අඟල් හයකි. එම දරුවාගේ දේවස්ථානයට දිනපතා අනුගාමිකයෝ විශාල පිරිසක් පැමිණෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට කන අයගේ වලිග කපන්නේ කවදාද ? (නදී)
මේවා පෙර ආත්ම වල කල කරුම (දී)
අපේ මෙතනත්, අදහස් දාන එක්කෙනෙක් ඉන්නවා එයාගේ වලිගය අපි හිතුවට වැඩිය දැන් දික් වෙලා. කඩේම ගිහිල්ලයි දික් වෙලා තියෙන්නේ. (නදී)