IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


විල් ස්මිත් හොලිවුඩ් ඇකඩමියෙන් ඉල්ලා අස්වෙයි

ඔස්කාර් සිනමා සම්මාන උළෙල පැවැත්වෙද්දී, ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට අතුල් පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන්, මෙවර හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ විල් ස්මිත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල සංවිධානය කරන හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමියේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ අතර චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය විල් ස්මිත්ගේ ඉල්ලා අස්වීම අනුමත කර තිබේ.

ලොව පුරා ජනප්‍රිය හොලිවුඩ් නළුවකු වන විල් ස්මිත්, සම්මාන උළෙල පැවැත්වෙද්දී, ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට අතුල් පහරක් එල්ල කළේ ක්‍රිස් රොක් වේදිකාවේ සිට විල් ස්මිත් සමඟ සිටි විල් ස්මිත්ගේ බිරිඳ ජේඩා පින්කිට් ස්මිත්ට විහිළු කළ බැවිනි.

ජේඩා පින්කිට් ස්මිත් හිසකෙස් ගැලවී යෑමේ රෝගයකින් පෙලෙයි. ඇය සම්මාන උළෙලට පැමිණ සිටියේ හිස මුඩුකරමිනි. ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට මෙය විහිළුවක් විය.

ඔහු දිගින් දිගටම ඇයට විහිළු කරද්දී, කෝපයට පත් විල් ස්මිත් වේදිකාවට නැග ක්‍රිස් රොක් වෙත ගොස් ඔහුට අතුල් පහරක් දී කුණුහරපයෙන් බැණ වැදුනේ සජීවීව දහස් ගණනක් දෙනා සම්මාන උළෙල නරඹද්දීය.

පසුව විල් ස්මිත්, ප්‍රහසන නළු ක්‍රිස් රොක්ගෙන් සමාව ඉල්ලීමක් කළ අතර, ආවේගශීලී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් කනගාටුව ද පළ කළේය.

හොලිවුඩ් පුරය කැලැඹීමට මෙම සිදුවීම සමත් වුණු අතර, තමන් හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමියේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට අස්වන බව විල් ස්මිත් නිවේදනය කළේ ඉන්පසුවය. විල් ස්මිත්ගේ ඉල්ලා අස්වීම බාර ගන්නා බව හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමියේ සභාපති ඩේවිඩ් රූබින් මාධ්‍ය වෙත දන්වා තිබේ.

"විල් ස්මිත් චලන චිත්‍ර කලා හා විද්‍යා ඇකඩමියෙන් වහාම ඉල්ලා අස්වීමට තීරණය කර ඒ බව අපට දන්වා තිබෙනවා. අප එය පිළිගැනිමට තීරණය කළා. විල් ස්මිත්ගේ හැසිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් මේ වනවිටත් පැවැත්වෙනවා. එහි අවසන් තීන්දුව ලබන 18 වැනිදා ප්‍රසිද්ධියට පත් කිරීම සිදුවේවි. ඒ, චිත්‍ර කලා හා විද්‍යා ඇකඩමියේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමෙන් පසුවයි" යැයි ඩේවිඩ් රූබින් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(සී.එන්.එන්.)



අදහස් (0)

විල් ස්මිත් හොලිවුඩ් ඇකඩමියෙන් ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site