94 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී, නිවේදක නළු ක්‍රිස් රොක්ට අතුල් පහරක එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්, මෙවර හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් විල් ස්මිත්ට එරෙහිව විමර්ශනයක් පවත්වන බව චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය පවසයි.
සම්මාන උළෙල පැවැත්වෙද්දී, එය සජීවීව විකාශය වෙද්දී, විල් ස්මිත් වේදිකාවට ගොඩවී, ක්‍රිස් රොක් අසලට ගොස් ඔහුට අතුල් පහරක් එල්ල කළේ, ක්‍රිස් රොක් විල් ස්මිත්ගේ බිරිඳ ජේඩා පින්කෙට් සම්බන්ධයෙන් කළ නොහොබිනා විහිළු සම්බන්ධයෙනි.
ජේඩා පින්කෙට් හිස කෙස් ගැලවී යෑමේ රෝගී තත්ත්වයකින් පෙළෙයි. ඇය සම්මාන උළෙලට පැමිණ සිටියේ හිස බූ ගාය. ක්‍රිස් රොක්ගේ විහිළුවට හේතුව වූයේ එයයි.
සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනගාටු වන බවත්, ක්‍රිස් රොක්ගෙන් සමාව ඉල්ලන බවත් විල් ස්මිත් පසුව පවසා සිටියේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd