IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වාර්ෂික පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට චීනය තීරණය කරයි

කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ වාර්ෂික පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට චීනය අද (24) පියවර ගත්තේය.

චීනය සංස්කෘතික විප්ලවයෙන් පසු වාර්ෂික පාර්ලිමේන්තු සැසියක් කල් දැමූ පළමු අවස්ථාව මෙය විය.

ජනාධිපති ෂී ජින්පින්ග් මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නායකයෝ මෙම වාර්ෂික පාර්ලිමේන්තු සැසියට සහභාගී වෙති. චීන පාර්ලිමේන්තුවේ වාර්ෂික සැසිය ජාතික ජනතා කොංග්‍රසය යනුවෙන් හැඳින්වෙන අතර එහිදි රබර් මුද්‍රා තැබීම්, අයවැය, චීන ජනාධිපතිවරයාගේ ඇතුළු ඉහළ පෙළේ නායකයන්ගේ තීරණ දැනුම් දීම් ආදිය සිදුකෙරේ.

මාරාන්තික කොරෝනා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ චීනයේ බොහෝ කටයුතු මේ වනවිට අඩපණ වී තිබේ. කොවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන කොරෝනා වයිරසය නිසා 2,500කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබෙන අතර 80,000කට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වී තිබේ.

මෙම හදිසි තත්ත්වයත් සමඟ වාර්ෂික පාර්ලිමේන්තු සැසිවාරය මාර්තු 5 වැනිදා දක්වා කල්දැමීමට චීනයේ ජාතික ජනතා කොංග්‍රසයේ ඉහල පෙළේ කමිටුව අද තීරණය කළේය.

වාර්ෂික පාර්ලිමේන්තු සැසියට සහභාගී වන බොහෝ නායකයෝ සහ නිලධාරීහු ඔවුන්ගේ පළාත්වල සිරවී සිටිති. ඔවුහු එම පළාත්වල කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම මැඩ පැවැත්වීම සඳහා පියවර ගනිමින් සිටිති.

චීනයේ, එරට නගර රැසක් පූර්ණ නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබෙන අතර වෙනත් පළාත් හා නගරවලින් බීජිං නුවරට පැමිණෙන සියලු දෙනාද නිරෝධායන ක්‍රියාවලියට ලක් කරයි. මේ හේතුවෙන් නියෝජිතයන් 3,000කට වැඩි පිරිසක් සහභාගී වන වාර්ෂික සැසිවාරය පැවැත්වීම ප්‍රායෝගිකව අපහසු වී ඇත.

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

වාර්ෂික පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට චීනය තීරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site